ප්‍රධාන ගංගාවල ක්ෂණික ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් – වාරිමාර්ගයෙන් අනතුරු ඇඟවීමක්

ප්‍රධාන ගංගාවල ජල මට්ටම් ඉතාමත් ඉහළ මට්ටමක පවතින බැවින් ඉහළ අගයකින් යුත් හදිසි වර්ෂාවකදී ක්ෂණික ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ කාළගුණික අංශ පුරෝකථනය කරන අන්දමට දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශය ආසන්නව වර්ධනය වෙමින් පවතින අඩුපීඩන කලාපය හේතුවෙන් දිවයිනේ පළාත් හයකට මිලි මීටර් 200ට වැඩි වර්ෂාපතනයක් ඇති විය හැකි බවයි.

උතුර, උතුරු මැද, නැගෙනහිර, දකුණ, ඌව සහ බස්නාහිර පළාත්වලට එම අධික වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

මෙම තත්ත්වය අනුව හැසිරීම් රටාව සම්බන්ධයෙන් වූ පසුගිය අත්දැකීම් අනුව ප්‍රධාන ගංඟාවන්හි 2025.11.25 සිට 2025.11.30 දක්වා වූ කාලය තුල ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

බැවින් ඒ පිලිබදව වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන පූර්ව ගංවතුර අනතුරු ඇඟවීම නිවේදනයන් සම්බන්ධයෙන් සියළුම ගංඟාවල පහත් නිම්නයන් හි පදිංචි ජනතාවගෙන් හා එම ප්‍රදේශ හරහා ගමන් කරන ජනතාවගෙන් ද මේ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන ලෙස ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45
Video thumbnail
මවගෙන් වෙන්ව සිටි බිළිඳාව නැවත මව වෙතට ගෙන දුන් අපේ වීරයෝ
01:31
Video thumbnail
මුට්ට කරගහන එක නවත්තන්න..ඔයාලා විපක්ෂය නෙවෙයි..නලීන් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
14:42
Video thumbnail
පුද්ගලයෙක්ට සත්තම දාලා මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑ පොලිස් ඩබල
00:38
Video thumbnail
වාහනයක් පසුපස පැන්නූසද්ධන්තයා පුද්ගලයෙකු දුටු සැණින් කැළෑවට දිව ගිය හැටි
00:33


?