ප්‍රදේශ රැසකට නායයාමේ අනතුරු ඇගවීම්

පවතින කාලගුණය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 07ක් සඳහා අද (4) පස්වරුවේ සිට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ඒ කොළඹ, ගාල්ල, හම්බන්තොට, කලුතර, කෑගල්ල, මාතර සහ රත්නපුර යන දිස්ත්‍රික් සඳහායි.

එම දිස්ත්‍රික්ක සඳහා අද පස්වරු 4.30සිට සිට හෙට පස්වරු 4.30 දක්වා පැය 24ක කාලයක් සඳහා එම අනතුරු ඇඟවීම බලත්මකයි.

ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව, ඇල්පිටිය, කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, අගලවත්ත, වලල්ලාවිට, මතුගම, බුලත්සිංහල, මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගෙ කෝරලය, කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල, දැරණියගල, දෙහිඹ්විට, කෑගල්ල, යටියන්තොට, මාතර දිස්ත්‍රික්කයේ කොටපොල, පිටබැද්දර, මුලටියන, අතුරලිය, හක්මන, වැලිපිටිය, අකුරැස්ස, මාතර, වැලිගම, කිරින්ද පුහුල්වැල්ල, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කලවාන, කිරිඇල්ල, අයගම, පැල්මඩුල්ල, නිවිතිගල, ඇලපාත, ඇහැළියගොඩ, කොලොන්න, ඉඹුල්පෙ, ඕපනායක, කහවත්ත, ගොඩකවෙල සහ කුරුවිට, කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල යන ප්‍රදේශවල ජීවත්වන ජනතාව අවධානයෙන් පසුවිය යුතු වනවා.

ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ මෙම දිස්ත්‍රික්කවල වර්ෂාව තවදුරටත් පවතී නම් නායයාම, බෑවුම් කඩාවැටීම, ගල්පෙරළීම, පස්කන්ඩි කඩා වැටීම සහ පොළොව ගිලා බැසීම පිළිබඳ විමසිලිමත් වන ලෙසටයි.

මේ අතර පවතින දැඩි වර්ෂාපතනය හමුවේ නිල්වලා ගඟ ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවල ජීවත් වන ජනතාවට අවධානයෙන් පසුවන ලෙසට දැනුම්දී තිබෙනවා.

මේ වන විට නිල්වලා ගඟ පිටාර ගැලීමේ මට්ටමකයි පවතින්නේ.

එමෙන්ම තවදුරටත් වැසි ඇති වුවහොත් ගංවතුර තත්ත්වයක් ද ඇති විය හැකි බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?