ප්‍රදේශ කිහිපයක ගංවතුර තත්ත්වයක්

පහත් බිම්වල ප්‍රදේශවල ජනතාවට ගංවතුර පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත. මේ වන විට කළු ගඟේ උප ගංගා වන කුඩා ගඟ හා මගුරු ගඟ ආශ්‍රිත ගංගා පිටාර මට්ටමට පැමිණ තිබෙනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටින්නේ එම ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවය. පාලින්ද නුවර සහ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාව මේ පිළිබඳව දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙසට වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටී.

එමෙන්ම මහනුවර කඩුගන්නාව ප්‍රදේශයේ ගහක් කඩා වැටීමෙන් සියලු ගමනාගමන කටයුතු අඩාල වී තිබේ.මාර්ගයේ ගමන් ගන්න රියදුරන් එක්ව එම තත්ත්වය යථා තත්වයට පත් කිරීමට කරයුතු කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?