AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රදේශ කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීම් නිවේදන

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක කිහිපයකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ඒ, අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ, ඇල්පිටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට, කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස “අවදානයෙන් සිටින ලෙස” දැන්වෙන නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත්කර ඇති බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයේ නියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට, මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට “විමසිලිමත් වන්න” යන නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත්කර තිබෙනවා.

මෙම අනතුරු ඇඟවීම අද (07) පෙරවරු 9.30 සිට හෙට (08) පස්වරු 9.30 දක්වා ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?