Indian Premier League

ප්‍රදේශ කිහිපයකට අද දිනයේ වැසි

අද දිනයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

සබරගමුව පළාතේත් මහනුවර, නුවරඑළිය, කලුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

උතුරු නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇති වනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටයි ජනතාවට දැනුම් දෙන්නේ.

මේ අතර ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් තද සුළං සහ මුහුද රළු වීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ අදාළ මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ජනවාරි 31 වනදා වන විට නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට ඉඩකඩ පවතින බවයි.

ඉන් පසු බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් පෙබරවාරි පළමුවනදා ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ දෙසට ළඟා වනු ඇති බවටයි බලාපොරොත්තු වන්නේ.

මේ හේතුවෙන් සමකයත් උතුරු අක්ෂාංශ 5 සහ නැගෙනහිර දේශාංශ 85 සහ 95 අතර මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40ක් 45ක් පමණ වන අතර විටින් විට පැයට කිලෝමීටර් 60 දක්වා වැඩි විය හැකියි.

මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ ඉතා රළු හෝ රළු වන අතර තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ද ඇතිවීමේ හැකියාව පවතිනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ අදාළ මුහුදු ප්‍රදේශයට ඉදිරි පැය 24 තුළ යාත්‍රා නොකරන ලෙසටයි.

දැනට මෙම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරතව සිටින පිරිස වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසට දැනුම්දෙනවා.

ඊට අමතරව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධයෙන් නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ අවධානය යොමු කරන ලෙසටයි ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර කුමාර දිසානායක සහභාගීවන ගම්පහ රැලිය
00:00
Video thumbnail
ජීවමාන බුදුන් දැක්කා වගේ මහත්තයෝ - ජනාධිපතිට අජරාමර නිවන් සුව ලැබෙන්න ඕන
05:47
Video thumbnail
පාස්කුව පිටිපස්සේ රවියි - ශානියි ? මාධ්‍ය හමුව දෙවනත් කරපු සුගීශ්වර
21:47
Video thumbnail
🔴BREAKING NEWS
01:21
Video thumbnail
පාස්කු කොමිෂන් වාර්තාව පොලිසියට ලැබුණා - ඉක්මණට නීතිය ක්‍රියාත්මක කරනවා
02:01
Video thumbnail
නාමල් ජනපතිට අභියෝග කරයි - නාමල් ජනපතිට අභියෝග කරයි
08:14
Video thumbnail
කටුනායක වෙ# තැබීමේ CCTV දර්ශන - ව්‍යාපාරිකයා 99න් බේරුණු හැටි
02:57
Video thumbnail
ටීචර් අම්මාට වැඩ වරදින ලකුණු - එයා එහෙම ගියපු එක වරදක් තමයි
06:25
Video thumbnail
ස්වර්ගස්ථ වූ පාප් වහන්සේගේ අවසන් කටයුතු වෙන හැටි
20:05
Video thumbnail
අපි හැංගිලා නෑ මල්ලි - අපි ඉන්නවා - අලුත් අඩව්වක් අල්ලන්න යන පොහොට්ටුව
09:12

?