ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පත 25 වැනි දා පාර්ලිමේන්තුවට

ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පත ලබන 25 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසනවා.

අමාත්‍යවරයා කියා සිටියේ, පසුගිය 4 වැනි දා එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබූ බවයි.

නමුත් පාර්ශ්ව රැසකින් ඉදිරිපත් වූ ඉල්ලීම් සලකා බලා ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල් දැමීමට තීරණය කළ බවයි ඔහු සඳහන් කළේ.

ලබන 25 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා එම පනත් කෙටුම්පත න්‍යාය පත්‍රයට ඇතුළත් කරන්නැයි තමන් ඉල්ලීමක් කළ බව අධිකරණ අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා පැවසුවේ, මීට අමතරව වින්ධිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ නව පනත් කෙටුම්පතක් ද ලබන 25 වැනි දායින් ආරම්භ වන පාර්ලිමේන්තු සතිය තුළ ඉදිරිපත් කිරීමට දැනට සැලසුම් කර ඇති බවයි.

දුෂණ මර්දන පනත් කෙටුම්පත මැයි මාසයේ පළමු පාර්ලිමේන්තු සතියේදී ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇතැයි විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණ ඇමතිට මයික් වැඩිය දිරවන්නේ නෑ කිව්වට, වැඩි දුර යන්න බෑ - කිව්වා මේ අයට බලය දෙන්න එපා කියලා
01:58
Video thumbnail
වෙඩින් එකක් රෝහලෙන් කෙළවර වුණ බිහිසුණු අනතුර "මට මොනවත් මතක නෑ..බලනකොට බස් එක පෙරළිලා"
02:48
Video thumbnail
රෝහිත කියපු ත්‍රීරෝද රථවල අලුත්ම ස්ටිකර් වැකිය - මාලිමාවට ඡන්දය දුන්නේ 40ට වැඩි අයද ?
03:37
Video thumbnail
කලින් මර්වින් දැන් මෙයා චණ්ඩි පාට් දානවා - 22 සම්මත වුණොත් කොහොම චණ්ඩි පාට් දායිද ?
05:03
Video thumbnail
වාසනා ඇතාට ජනපති නැගිටලා ආචාර කළේ වැරැද්ද මතක්වෙලා - පසුතැවෙන්න ලොකු හයියක් තියෙන්න ඕනි
01:36
Video thumbnail
"හොර හරක් ගේන ලොරි වගේ..ඇරලා බැලුවම මල කෙළියයි - හොර හරක්"රෝහිතගෙන් සැර හින්ට් එකක්
03:18
Video thumbnail
හිටපු ජනපති උපදේශකයෙක් ගැන ඇස් උඩයන හෙළිදරව්වක් ? - රනිල්ගේ කාලේ කරපු අවභාවිතාවක් ?
06:25
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි - මෙන්න එහි නවතම දර්ශන
00:32
Video thumbnail
අකිලගේ ෂෙඩ් එකේ තෙල් ගහන්න ගත්තෙත් රජයේ පඩි ලබපු සේවකයෙක් - එයාලගේ සුරසැප සේරම නැතිවෙනවා
03:41
Video thumbnail
යටිනුවර මැද පළාත සමූපකාරයට දැඩි විරෝධයක් - තමන්ගේ හිතුමනාපෙට මේ සියල්ල පැහැර හැරලා
05:10