spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පත 25 වැනි දා පාර්ලිමේන්තුවට

ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පත ලබන 25 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසනවා.

අමාත්‍යවරයා කියා සිටියේ, පසුගිය 4 වැනි දා එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබූ බවයි.

නමුත් පාර්ශ්ව රැසකින් ඉදිරිපත් වූ ඉල්ලීම් සලකා බලා ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල් දැමීමට තීරණය කළ බවයි ඔහු සඳහන් කළේ.

ලබන 25 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා එම පනත් කෙටුම්පත න්‍යාය පත්‍රයට ඇතුළත් කරන්නැයි තමන් ඉල්ලීමක් කළ බව අධිකරණ අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා පැවසුවේ, මීට අමතරව වින්ධිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ නව පනත් කෙටුම්පතක් ද ලබන 25 වැනි දායින් ආරම්භ වන පාර්ලිමේන්තු සතිය තුළ ඉදිරිපත් කිරීමට දැනට සැලසුම් කර ඇති බවයි.

දුෂණ මර්දන පනත් කෙටුම්පත මැයි මාසයේ පළමු පාර්ලිමේන්තු සතියේදී ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇතැයි විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?