ප්‍රංශ ජනාධිපතිගේ චීන සංචාරය සාර්ථකද?

ෂී ජින් පිං සහ එමානුවෙල් මැක්‍රොන් අතර පැහැදිලි සුහදතාවයක් තිබියදීත්, ප්‍රංශ ජනාධිපතිවරයාගේ සංචාරය බීජිංහි රාජ්‍ය තාන්ත්‍රික සහතික ශක්තිමත් කිරීමට වඩා වැඩි දෙයක් සිදුව නැතැයි ද ගාර්ඩියන් වෙබ් අඩවිය වාර්තා කරනවා.

බ්‍රහස්පතින්දා චීන අගනුවර පැවති හමුවෙන් පසු ජනගහනය වයස්ගත වීම, න්‍යෂ්ටික බලශක්තිය සහ පැන්ඩා සංරක්ෂණය වැනි ක්ෂේත්‍ර ආවරණය වන පරිදි සහයෝගීතා ගිවිසුම් 12 ක් පමණක් අත්සන් තැබුව ද මූල්‍යමය එකතුවක් අනාවරණය වුයේ නැහැ.

දිගු කලක් තිස්සේ අපේක්ෂාවෙන් පසු වූ ජෙට් එයාර් බස් 500ක ඇණවුමට ද මෙහිදී අත්සන් නොතැබු අතර එය නව බෝයිං බැඳීම් සඳහා බල කරන එක්සත් ජනපදය සමඟ වෙළඳ සාකච්ඡා වලදී චීනයට වාසියක් ලබා දෙනු ඇති.

ප්‍රංශ කොග්නැක් නිෂ්පාදකයින් හෝ ඌරු මස් නිෂ්පාදකයින් සඳහා කොන්දේසි ලිහිල් කිරීමට ද ෂී ජනාධිපතිවරයාට අපහසු වී ඇත්තේ චීන නිෂ්පාදිත විදුලි වාහන සඳහා තීරුබදු සම්බන්ධයෙන් බ්‍රසල්ස් සමඟ බීජිං හි සාකච්ඡා තවමත් අවසන් වී නොමැති බැවිනුයි.

චීනය මෑතකදී රුසියාවට සිය සහයෝගය නැවත තහවුරු කර ඇති හෙයින්, යුක්රේනයේ යුද්ධය සම්බන්ධයෙන් මැක්‍රොන් සමග එකඟතාවකට එළැඹීමට චීනයට නොහැකි වූවා.

ස්පාඤ්ඤයේ VI වන ෆෙලිපේ රජු සහ ජර්මානු මුදල් ඇමති ලාර්ස් ක්ලින්ග්බයිල්ගේ මෑත චීන සංචාර ද ඒ හා සමානව සාධනීය ප්‍රතිඵල අත්කර දුන්නේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"OIC තමන්ගේ නිල කාමරයේදීම කතකට කළ නොමනා ක්‍රියාව
27:20
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01
Video thumbnail
දරුවන්ට හොඳම දේ දෙන්න තමයි අපි මේ හැමදේම කරන්නේ
10:04
Video thumbnail
159ට විශ්‍රාම වැටුප් නැති කළාට අනුටර සැලියුට් කරනවා..මෙයාලා පුස්තකාල ළඟින්වත් ගිහින් නෑනේ
07:58


?