AFC Banner
AFC Banner
Empty Ad

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන්නේ පනතේ තීන්දුව අනුවයි – සමන් ශ්‍රී රත්නායක

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව සූදානම් බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.

අද (10) දහවල් මාධ්‍යයට අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ; පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇති එකම බාධාව වී ඇත්තේ දැනට පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති පනත බවයි.

අදාළ පනත සම්මත වන ආකාරයට අනුව පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් වන ඉදිරි තීන්දු ගත හැකි බව ද සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවා.

මෙම පනත ඉදිරිපත් වී ඇත්තේ 2023 ඉදිරිපත් කර ඇති නාමයෝජනා අහෝසි කර නව නාම යෝජනා භාරගැනීම සම්බන්ධයෙන් බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ.

අදාළ කාරණය පිළිබඳ ව අධිකරණ තීන්දුව කතානායකවරයාට දැනුම්දීමෙන් අනතුරුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කෙරෙහි අවධානය යොමු කළ හැකි බව ද සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?