පළාත් කිහිපයකට අද මිලි මීටර් 75-100 අතර තද වැසි

අද (20) සිට ඉදිරි දින කිහිපයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස කාලයේ ගිඟුරුම් සහිත වැසි ඇතිවීමේ හිතකර වායුගෝල තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (20) දිනයේ සවස එකෙන් පමණ පසු තැනින් තැනවැසි හෝ ගිඟුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් පැවසුවේ.

ඒ, අනුව මධ්‍යම, සබරගමුව, බස්නාහිර, උතුරු මැද සහ දකුණු පළාතේ ඇතැම් ස්ථානවලට අද (20) මි.මී 75ත් – මි.මී 100ත් අතර තද වැසි ඇතිවිය හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම ගිඟුරුම් සහිත වැසි සමඟ කෙටි කාලයක් තුළ ප්‍රබල අකුණු සහ තද සුළං ඇතිවිය හැකි බව ද ඔහු දැනුම් දෙනවා.

එමෙන්ම මේ දිනවල පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ තවදුරටත් පැවතිය හැකි අතර, එය මේ දිනවල දහවල් කාලයේ පවතින උණුසුම් කාලගුණයට එය යම් තාවකාලික අස්වැසිල්ලක් බව ද ඔහු සඳහන් කළා.

මැයි මාසයේ මැද තෙක් මෙම කාලගුණ තත්ත්වය පැවතිය හැකි බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ ජීවිතේ වටිනා වස්තුවක් ප්‍රියංකර - ඒ සුන්දරත්වය දකින නළුවෙක් ආයේ මේ කාලයේ නම් දකින්න නෑ
02:47
Video thumbnail
ප්‍රියංකර තමයි දන්නේ ඔහු විඳපු දුක - ඔහු ඒ සතුට සොයන් ගියා..ගායන ශිල්පී නලින්ගෙන් පිටවූ සංවේදි වදන්
03:07
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි
01:34
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි - පවුලේ අය එක්ක දුක බෙදාගත්ත හැටි
01:50
Video thumbnail
ප්‍රියංකරට සමුදෙන්න ආ අර්ජුන රණතුංග ඉදිරියේ සංවේදී වූ දිල්හානි - සුජාතා අත්තනායකත් එයි
01:03
Video thumbnail
ප්‍රියංකරගේ වෙන්ව යාම දරාගත නොහැකිවූ දිල්හානි..
00:08
Video thumbnail
ප්‍රියංකර සොහොයුරා කියලා මම කියන්නේ..ඉතා ළඟ සම්බන්ධකම් තිබ්බා - තමන්ටම අනන්‍යතාවයක් හදාගත්තා
03:43
Video thumbnail
ප්‍රියංකරට අවසන් ගෞරව දක්වන්න ආණ්ඩු ප්‍රබලයින් රැසක් එයි - පවුලේ අය සමඟ දුක බෙදාගත් අයුරු
00:59
Video thumbnail
ලංකා ඉතිහාසයේ කිසිම දිනක ගොවියන්ට ලබා නොදුන් සහන දුන්නා - රු.මිලියන 7500ක් වෙන්කලා වී මිලදී ගන්න
04:02
Video thumbnail
සංවර්ධිතම රාජ්‍ය කරන්න ඔය මන්නාරම් ද්‍රෝණියේ ව්‍යාපෘතියම ඇති - සියලුම ණය ගෙවන්න පුළුවන්
02:28