පළමු FIFA සාම ත්‍යාගයෙන් ජනපති ට්‍රම්ප් පිදුම් ලබයි

ජාත්‍යන්තර පාපපන්දු සම්මේලනය FIFA විසින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප්ට ‘FIFA සාම ත්‍යාගය’ ප්‍රධානය කර තිබෙනවා.

2026 FIFA ලෝක කුසලානය සඳහා වූ තරග සැලැස්ම වොෂින්ටන්හිදී එළිදැක් වූ අවස්ථාවේදී මෙම ත්‍යාගයෙන් ඩොනල්ට් ට්‍රම්ප් ජනාධිපතිවරයා පිදුම් ලැබුවා.

FIFA සභාපති ගියානි ඉන්ෆැන්ටිනෝ විසින් ‘FIFA සාම ත්‍යාගය’ ට්‍රම්ප් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීම සිදු කළා.

මෙම වසරේ දී පළමුවරට ‘FIFA සාම ත්‍යාගය’ හඳුන්වා දෙනු ලැබූ අතර, ඒ අනුව එම ත්‍යාගයෙන් පිදුම් ලැබූ ලොව පළමු පුද්ගලයා බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් ඉතිහාස ගත වුණා.

සාමය සඳහා සුවිශේෂී හා අසාමාන්‍ය ක්‍රියාමාර්ග ගැනීම සහ ලොව පුරා ජනතාව එක්සත් කළ පුද්ගලයෙකු උදෙසා මෙම සම්මානය ප්‍රධානය කෙරෙනවා.

ලොව පුරා බිලියන 05 කට අධික පාපන්දු ලෝලීන් වෙනුවෙන් සම්මානය පිරිනමන ලද බව FIFA පවසන නමුත්, පළමු ජයග්‍රාහකයා තෝරා ගත් ආකාරය නිශ්චිතවම පැහැදිලි නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?