පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම අදාළ පාසල් මඟින් පමණක් සිදු කෙරෙන අතර එම කටයුතු අධ්‍යාපන අමාත්‍යාංශය හරහා සිදු නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
තව ද 2022 අපොස සා/පෙළ ප්‍රතිඵල මත උසස් පෙළ හැදෑරීම සඳහා අයදුම් කිරීමේ දී උසස් පෙළ විෂය ධාරාව නොමැති පාසල්වල සිසුන් විසින් එම විෂයධාරා ඇති පාසල් සඳහා ඉල්ලුම්පත්‍ර අදාළ පාසලට ම යොමු කිරීම සිදු කළ යුතු අතර අධ්‍යාපන අමාත්‍යාංශය වෙත අයදුම්පත් යොමු කිරීම සිදු නොකළ යුතු ය.
2022 වර්ෂයේ අතරමැද පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීම මෙම වසරේ තුන්වන වාරය ආරම්භ වූ දින සිට නවතා ඇත.
2023 වර්ෂයේ අතරමැද පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීම සිදු කරනු ලබන්නේ, 2022 වර්ෂයේ තෙවන පාසල් වාරය අවසන් වන 2023 මාර්තු මස 24 දිනට පසු, පාසල්වල පවතින පුරප්පාඩු මත පාසල් වෙත යොමු කරනු ලබන අයදුම්පත් සලකා බැලීමෙනි.
මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලබන චක්‍රලේඛ අනුව පමණක් මේ සම්බන්ධයෙන් කටයුතු කරනු ලැබේ.











O/L A9 GANIPU KOLU PATIYEKU GEN COLAMBA MAHA BAWUDDA PASALA LAKSHA 3K ILLALA LU BUILDING EKAK HADANNA. EKA PRADANA PARAWAL DEKAKATA MADHI UNA LOKUMA ISKOLAYAK. 50,000 DENNA KIYUWAMA PASSE DANUM DENNAM KIYUWALU. LAKSHA 3 DENNA KEMATHI AYA EYI WELAWEMA GATHTHA LU.