පළමු දෘශ්‍යාබාධිත කාන්තා 20-20 ලෝක කුසලානයේ ජය ඉන්දියාවට

පළමුවරට පැවති දෘශ්‍යාබාධිත කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට ඉන්දීය කණ්ඩායම අද (23) සමත් වුණා.

ඒ, කොළඹ පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේ දී පැවති අවසන් මහා තරගයෙන් නේපාල දෘශ්‍යාබාධිත කාන්තා කණ්ඩායම කඩුලු 07 කින් පරාජය කරමින්.

අවසන් තරගයේ දී කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව පන්දු රැකීමට තීරණය කර අතර, එහිදී නේපාලය නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 05ක් දැවී ලකුණු 114ක් රැස් කළා.

නේපාලයෙන් හිමි වූ ලකුණු 115ක ඉලක්කය පන්දුවාර 12යි එක් පන්දුවක් තුළ පසුකර යමින් ඉන්දීය කණ්ඩායම මෙම තරගය ජයග්‍රහණය කළා.

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වයෙන් පැවති පළමු දෘශ්‍යාබාධිත කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා ඕස්ට්‍රේලියාව, පාකිස්තානය, එක්සත් ජනපදය, ශ්‍රී ලංකාව සමගින් කණ්ඩායම් 06ක් සහභාගීව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?