Empty Ad
Empty Ad
AFC Banner

පළමු ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා – දකුණු අප්‍රිකාව ලකුණු 80/4යි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය වන අද (27) දිනයේ දී දිවා ආහාරය සඳහා තරගය නතර කිරීමට පෙර වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

ඒ හේතුවෙන් මීට ටික වේලාවකට පෙර තරගය නතර කිරීමටයි විනිසුරුවරුන් තීරණය කළේ.

දකුණු අප්‍රිකාවේ ඩර්බන් නුවර දී දෙරට අතර පළමු ටෙස්ට් තරගය අද එරට වේලාවෙන් උදෑසන 10ට ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට හිමි වූ අතර නායක ධනංජය ද සිල්වාගේ ඇරයුමින් දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමු ව පිතිකරණයට පිටියට පිවිසියා.

නමුත් ආරම්භක පිතිකරුවන්ට සාර්ථක වීමට ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් ඉඩ දුන්නේ නැහැ.

ලකුණු 15ක් වනවිට දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පළමු කඩුලු 02ක බිඳ දමන්නට අසිත ප්‍රනාන්දු සහ විශ්ව ප්‍රනාන්දුට හැකි වුණා.

තරගය වර්ෂාව හේතුවෙන් නතර කරන විට දකුණු අප්‍රිකාව කඩුලු 04ක් දැවී සිය පළමු ඉනිමට ලකුණු 80ක් ලබා සිටියා.

සෙසු කඩුලු ද්විත්වයම බිඳ හෙලුවේ ළහිරු කුමාර විසින්.

පස්වැනි කඩුල්ලට පිටියෙහි රැඳී සිටින්නේ ලකුණු 28ක් ලබා ගනිමින් නායක බවුමා සහ Kyle Verreynne (9*).

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදුලි බිල අඩුකිරීම අවුරුද්ද පුරා කරන්න
07:37
Video thumbnail
චීනෙට ගුඩ් බායි කියා මහ රෑ දිවයින ආපු ජනපති
02:34
Video thumbnail
ජාතික කාන්තා එකමුතුව ෆයර් වෙයි - ආණ්ඩුව දාන වෙට්ටු වලට මේන් පිළිතුරු
09:46
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම චන්දන සූරියආරච්චි සහ සජබ පා.ම හෙක්ටර් අප්පුහාමි සහභාගීවන කස්තිරම
01:30:36
Video thumbnail
විදුලි බිලෙන් දුන්න සහනය ඉතා අගෙයි - මේකට බැරියර් දාන්න යන්න එපා
04:57
Video thumbnail
20% විදුලි බිල අඩු කළාටමහජන උපයෝගිතා කොමිසමට ස්තූතියි
06:14
Video thumbnail
කෝච්චි පෙට්ටියේ Massage කරන එක හොඳයිද? අපිලගේ සාදුට යකා වැහෙයි
05:05
Video thumbnail
ජූලි චන් මහත්මිය මිහින්තලා හිමියන් මුණගැසෙයි
04:03
Video thumbnail
රෙදිපිළි කර්මාන්තයේ අයට විදුලි බිල අඩුවීම සුබ ආරංචියක්
02:45
Video thumbnail
ඔයාලට මාධ්‍ය දකිනකොට අප්පිරියයි නම් - ඒක තමයි රටේ දැන් තත්ත්වේ
03:35

?