ශ්‍රී ලාංකිකයින් සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද මහත් හරසරින් පිළිගනී – ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා !

සිංහල හා දෙමළ වැසියන් සමරනු ලබන අලුත් අවුරුද්ද අද (14) පූර්වභාග 03.21ට යෙදී තිබූ සුබ මොහොතින් උදා වුණා.

මෙවර අලුත් අවුරුද්ද මහත් හරසරින් පිළිගන්නට සිංහල හා දෙමළ වැසියන් කටයුතු කළා.

අලුත් අවුරුද්ද උදාවීමෙන් පසු යෙදී දී තිබුණේ ලිපගිනි මෙලවීමේ සහ ආහාර පිසීමේ නැකතයි.

මෙම නැකත පූර්වභාග 04.04ට ඉටුකරන්නට මෙවර අලුත් අවුරුද්ද සමරන සිංහල හා දෙමළ වැසියන් කටයුතු කළා.

තඹ වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ, ගිනි මොළවා කිරිබතක් හා කැවිලි වර්ගයක්ද දීකිරි සහ විලඳ ද පිළියෙල කරගැනීම යහපත් බවයි මෙවර නැකැත් සීට්ටුවේ සඳහන්ව තිබුණේ.

මෙවර අවුරුදු චාරිත්‍රවල වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය නැකත පූර්වභාග 06.44ට දී තිබූ සුබ මොහොතින් ඉටුකරන්නට අලුත් අවුරුද්ද සමරන ශ්‍රී ලාංකිකයින් කටයුතු කළා.

මුතු හා ශ්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා වැඩ අල්ලා ගනුදෙනු කර ආහාර අනුභවය කළ යුතු බවයි 2025 අලුත් අවුරුදු නැකැත් සීට්ටුවේ දැක් වුණේ.

ඔබගේ සිතෙහි ඇති සුවහසක් බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීමට ශක්තිය ලැබෙන වසනාවන්ත අලුත් අවුරුද්දක් වේවායි යන්න “දසත නිවුස්” සුබ පැතුමයි.!



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32