මෙවර අලුත් අවුරුද්ද සමරන්නේ අලුත් දේශයක් නිර්මාණය කිරීමේ සිහිනය වෙනුවෙන් වැඩ අරගලයක යෙදෙන අවස්ථාවකයි

මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සමරන්නේ රටක් ලෙස ජයග්‍රහණ රැසක් අත් පත් කර ගනිමින් හා යහපත් හා අලුත් දේශයක් නිර්මාණය කර ගැනීමේ සිහිනය වෙනුවෙන් අනවරත වැඩ අරගලයක යෙදෙමින් සිටින අවස්ථාවක බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අලුත් අවුරුදු සුබ පැතුම පහතින්.

“භෞතිකව හා ආධ්‍යාත්මිකව අලුත් වීමේ අපේක්ෂාව සංකේතවත් කරන, සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අප මෙවර සමරන්නේ රටක් ලෙස ජයග්‍රහණ රැසක් අත් පත් කර ගනිමින් හා යහපත් හා අලුත් දේශයක් නිර්මාණය කර ගැනීමේ සිහිනය වෙනුවෙන් අනවරත වැඩ අරගලයක යෙදෙමින් සිටින අවස්ථාවකයි. අගාධයට ඇද වැටී තිබූ අප රට පසුගිය මාස කිහිපය තුළ නැවත ගොඩනඟමින්, ආර්ථික, සමාජයීය සහ දේශපාලනික වශයෙන් නව තලයකට ඔසවා තැබීමට අපි සමත් වූයෙමු. එම සියලු ජයග්‍රහණයන්හි හිමිකම මෙරට ජනතාව සතු වන අතර පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී ඔවුන් අප කෙරෙහි තැබූ විශ්වාසය අප රට මෙවන් පරිවර්තනීය ඉසව්වකට කැඳවා ගෙන යාමට හේතු වූ බව අවධාරණය කළ යුතුය.අභියෝග හමුවේ නොසැලි රට වෙනුවෙන් අපගේ වගකීම තවත් ශක්තිමත්ව ඉටු කිරීමේ ධෛර්ය වගකිව යුතු රජයක් ලෙස අප සතු අතර, භූ දේශපාලනය තුළ මෙන්ම ජාතික වශයෙන්ද රට ඉදිරියේ ඇති සියලු ආකාරයේ අභියෝග ජය ගැනීමට අවශ්‍ය සැලසුම් රජය මේ වන විට ක්‍රියාවට නංවමින් සිටියි.මිනිසාත්, සොබාදහමත් අතර පවත්නා වූ භෞතික හා ආධ්‍යාත්මික ගනුදෙනුවෙහි අපූර්වත්වය අලුත් අවුරුදු චාරිත්‍ර-වාරිත්‍රවලින් නිරූපිතය. ඒවා සිංහල දෙමළ ජාතීන් අතර පැවති ‌ඓතිහාසික බැඳීම හා සහජීවන පැවැත්ම පිළිබඳ ජීවමාන සාක්ෂියකි. වත්මන් සමාජය විවිධ බෙදීම් හේතුවෙන් ඉරි තලා ගොස් ඇතත්, අලුත් අවුරුද්ද වැනි සැමරුම් සංස්කෘතීන් තුළින් යළි පෙන්වා දෙන්නේ එවන් භේද දුරලා එකමුතුකම, සමගිය හා සහජීවනය සුරැකීමට‌ය. එම සහජීවනය දිරිමත් කරමින් අනෙකා පිළිබඳ සංවේදී වන ආචාරධාර්මික පැවැත්මක් අප තුළම නිර්මාණය කර ගැනීම මෙම අලුත් අවුරුද්දේ අපට පැවරී තිබෙන භාරදුර වගකීමයි.
එසේම, සූර්ය සංක්‍රාන්තියට අනුගාමීව සිදු කෙරෙන සියලු සිරිත්විරිත්හි පොදු අපේක්ෂාව වන්නේ ජන ජීවිත අලුත් කර ගැනීම හා පසුගාමී චින්තනයෙන් සහ ආකල්පවලින් තොර අලුත් මිනිසෙකු නිර්මාණය කර ගැනීමයි. අලුත් අවුරුද්ද සැබැවින්ම අපේ ජීවිතවලට නව ඇරඹුමක් වන්නේ අප එලෙස අලුත්වීම මගිනි. රටට අවැසි නව ආර්ථික, සමාජයීය සහ දේශපාලනික පරිවර්තනයක් සාක්ෂාත් කෙරෙන ජාතික වැඩපිළිවෙළ සාර්ථක කර ගනිමින් රටත්, ජනතාවත් දිනවීම පිණිස මේ එළැඹෙන අලුත් අවුරුද්දේ තවත් සවිමත්ව, සහෝදරත්වයෙන් එකම අරමුණකට පෙළගැසෙන්නට මම සියලු දෙනාට ඇරයුම් කරමි.
ඔබ සැමට “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” කරා යන ගමනේ බලාපොරොත්තු දැල්වෙන, සෞභාග්‍යවත් සුබ අලුත් අවුරුද්දක් වේවා !”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34