AFC Banner
Empty Ad
Empty Ad

පළමු ජය ඉන්දියාව ට

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර (24) පැවැති පළමු විස්සයි 20 තරගය ලකුණු 62කින් ජය ගැනීමට ඉන්දියාව සමත්විය.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 199ක් රැස් කළේය.

ඒ අනුව ලකුණු 200ක ඉලක්කය හඹායෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 137ක් පමණි.

කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර ශ්‍රී ලංකා නායකයා තීරණය කර තිබුණේ ප්‍රථමයෙන් පන්දුයැවීමටය.

ඒ අනුව ඉන්දීය පිතිකරුවන්ගෙන් ශ්‍රී ලංකා වේග පන්දුයවන්නන්ට එරෙහිව දැඩි ප්‍රහාරයක් එල්ල වී තිබුණි.

ඔවුන් දුෂ්මන්ත චමීර, චාමික කරුණාරත්න සහ ලහිරු කුමාර ට එරෙහිව පන්දු ඕවර 12කදී ලකුණු 131ක් ලබාගැනීමට සමත් වුණි.

තරගය පැවැත්වුණේ ලක්නව්හි දීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?