පහ වසරේ සිසුවෙක් ගෙළ වැළලාගෙන දිවි නසාගනී (ඡායාරූප)

පාසල් සිසුවෙක් නිවසේ වැසිකිළිය තුළ දී සියදිවි හානිකරගත් පුවතක් බගවන්තලාව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

නිවසේ වැසිකිළිය තුළ රෙදි පටියකින් ගෙළ වැළලාගෙන අදාළ සිසුවා මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ ඕල්ඩි දමිළ මහා විද්‍යාලයේ පහ වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙක්.

මියගිය සිසුවාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරිය වෙත යොමුකර තිබෙනවා.

සිසුවා මෙලෙස සියදිවි හානිකර ගැනීමට හේතුව තවමත් අනාවරණය වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසියවැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
7
+1
1
+1
8
+1
65
+1
17
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?