පහර දුන්නාට අහිතක් නෑ – රාජිතගෙන් සැලියුට් එකක්

විරෝධතාකරුවන් අතරට පැමිණි සමඟි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නට ඊයේ (09) දිනයේ දී අනපේක්ෂිත ප්‍රහාරයකට මුහුණ දීමට සිදුවුණා.

එහිදී ඔහුගේ ආරක්ෂකයින් පියවර ගත්තේ රාජිත සේනාරත්නව විරෝධතාකරුවන් අතරින් ඉවත්කර ගැනීමටයි.

මේ අතර තමාට එල්ල වූ අනපේක්ෂිත ප්‍රහාරය සහ අරගලය සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා ව්ශේෂ සටහනක් සිය ෆේස්බුක් ගිණුමට එක්කර තිබෙනවා.

එහි ඔහු සටහන් කර ඇත්තේ තමන්ට සිදුකළ පහරදීම හේතුවෙන් අරගලය පිළිබඳව තිබෙන ආකල්පය බිඳකින් හෝ වෙනස් වී නොමැති බවයි.

මන්ත්‍රීවරයා සිය ෆේස්බුක් ගිණුමට එක්කර තිබූ සම්පූර්ණ සටහන පහතින්.

යම් පුද්ගලයෙක් හෝ

යම් පිරිසක් විසින්,

මට සිදුකල පහරදීම නිසා, අරගලය ගැන

මගේ තිබෙන ආකල්පය බිඳකින් හෝ වෙනස් වෙන්නේ නැහැ…

මෙය ලංකා ඉතිහාසයේ සිදුවූ,

සුවිශේෂීම දේශපාලන අරගලයයි.

ඒකාධිපති

රාජපක්ෂ පවුල් පාලනය,

මැතිවරණයකින්

පරාජය කිරීමෙන්

අවසන් නොවන බව,

2015 – 2019 කාලයේදී

අපි දැක්කා…

ඒකාධිපති වියරුවක් තිබෙන,

මේ වගේ පවුල් පාලනයක් අවසන් කරන්න පුළුවන්කම තියෙන්නේ,

විශාල මහජන නැගිටීමකින් විතරයි..

ඒ ගැන,

ලෝක දේශපාලන ඉතිහාසයේ ඕනෑ තරම් උදාහරණ තිබෙනවා..

මිනිස්සු විවිධයි.. විෂමයි. ඔවුන්, කැමති අය..

අකමැති අය විවිධයි.

මට ප්‍රහාරය එල්ල කළ පුද්ගලයන්ගේ අරමුණ,

හොඳ රටක් නිර්මාණය කිරීමදැයි

මගේ සිත ප්‍රශ්න කරයි.

මා විසින් මිළ අඩුකළ, බෙහෙත් පෙත්තක් බීපු මිනිස්සු ඔවුන්..

මා විසින් නොමිලයේ දීමට තීරණය කළ,

ස්ටෙන්ට් වලින්

ජීවිත බේරාගත් දෙමාපියන්ගේ

දරුවන් ඔවුන්.

මා විසින් නොමිලයේ දීමට තීරණය කළ,

අක්ෂි කාචවලින්

පෙනීම ලැබූවන්ගේ නෑදැයන් ඔවුන්.

මම, කිසිවෙකුට

වෛර කරන්නේ නැහැ…

ශුද්ධ වූ අරගල කියා එකක් ලෝකයේ නැහැ..

ශුද්ධ වූ අරමුණු පමණයි ලෝකයේ තිබෙන්නේ..

ඒ ශුද්ධ වූ අරමුණු කරා යන ගමනේදී,

අපහාස විඳීමට.. පහරකෑමට..

ඝාතනයට ලක්වීමට වුවත්

ඉඩ තිබෙනවා..

නමුත් ඒ කිසිවක් අවසානයේදී වැදගත් වෙන්නේ නැහැ.

වැදගත් වෙන්නේ,

අරමුණ ඉෂ්ට වූවාද? අරගලය

ජයග්‍රහණය කළාද?

යන්න පමණයි.

අරගලයේ ජනතා සටන,

අපි දැන් ජයග්‍රහණය කර අවසන්.

බස්වල කෝච්චිවල එල්ලීගෙන,

හැතැප්ම ගණන් පා ගමනින් පැමිණ,

ඊට සහාය දුන් සියලු දෙනාට මම සුබපතන්න කැමතියි..

ඔබ සැමට, මාගේ ආචාරය! වෛද්‍ය රාජිත සේනාරත්න

https://youtu.be/krgu8qNFs-8
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16
Video thumbnail
රනිල් අයින් වුණොත් සජබ එජාපය එක්ක එකතු වෙනවද?හෘද සාක්ෂියට එකඟව එක අවුරුද්දක් වැඩ කරමු
05:50
Video thumbnail
මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ ආණ්ඩු ප්‍රබලයින් ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේ ලංකාව වට්ටපු අපරාධකාරයෝ
08:43


?