පහන්තුඩාව සිද්ධියේ යුවළට පොලිස් ඇප

රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ බෙලිහුල්ඔය ප්‍රදේශයේ පිහිටි පහන්තුඩාව දියඇල්ල පසුබිම් කරගනිමින් අසභ්‍ය වීඩියෝ පටයක් නිර්මාණය කර අසභ්‍ය ලේඛන පනත ප්‍රකාරව වරදක් සිදු කළැයි අත්අඩංගුවට ගත්  යුවල පොලිස් ඇප මත මුදාහැරී බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි .

ලබන 16 වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට දන්වමින් එම තරුණිය සහ තරුණයා පොලිස් ඇප මත මුදා හළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ  නිලධාරියෙකු සඳහන් කළේය.

මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් තරුණයා කෝවිඩ් ආසාදිතයකු ලෙසට හඳුනාගෙන ඇති අතර, එම තරුණිය ද කෝවිඩ් ආශ්‍රිතයකු වීම හේතුවෙන් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් නොකොට පොලිස් ඇප මත මුදා හළ බව ද  එම නිලධාරියා පැවසීය.

1983 අංක 22 දරන අසභ්‍ය ප්‍රකාශන පනත සහ ලංකා දණ්ඩ නිති සංග්‍රහයේ 285, 286 වගන්ති ප්‍රකාරව  අසභ්‍ය දර්ශන නිෂ්පාදනය, සන්තකයේ තබාගැනීම, බෙදාහැරීම සිදු කරමින් මෙම සැකකරුවන් වරදක් කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම තරුණ යුවළ අත්අඩංගුවට ගෙන තිබුණේ පෙරේදා (02) සවස 4.30 පමණ මහරගම ප්‍රදේශයේ දී ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය විසින් මෙලෙස අත්අඩංගුවට ගනු ලැබ පොලිස් ඇප මත මුදාහැර ඇත්තේ , මහරගම පමුණුව ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි ඡායාරූප ශිල්පියකු සහ ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි විසි පස් හැවිරිදි රූපලාවන්‍ය ශිල්පිනියකි.

– නිමන්ති රණසිංහ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
39
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?