පසු ආපදා තත්ත්වය කළමනාකරණ කරගන්න බැරි වුනොත් දරුණු ඛේදවාචකයන් ඇතිවේවි – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්

පැවති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ බලපෑ ආපදා තත්ත්වයෙන් පසු මේ වන විට, පසු ආපදා තත්ත්වයකට මුහුණදීමට සිදුව ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති කේ.පී. බොරලැස්ස සඳහන් කළේ මෙම පසු ආපදා තත්ත්වය නිවැරදිව කළමනාකරණය කරගත නොගතහොත් දරුණු ඛේදවාචකයන්ට මුහුණදීමට සිදුවනු ඇති බවයි.

සෑම ආපදාවක් පසුපසම වසංගත, බෝවන රෝග, පාරිසරික ගැටළු සහ මිනිසුන්ගේ මානසික ආතතීන් වැඩිවීම ඇතිවිය හැකි බවයි සභාපතිවරයා අද (05) මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ.

ඒ අනුව පසු ආපදා තත්ත්වය කළමනාකරණය කිරීමට මේ වනවිටත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සිය උපරිම දායකත්වය ලබාදෙමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?