පසුගිය වසර 5 තුළ ගල්ෆ් කලාපයෙන් පාකිස්තානුවන් 164,000ක් පිටුවහල් කෙරේ

පසුගිය වසර පහක කාලය තුළ ගල්ෆ් කලාපීය රටවලින් පාකිස්තානුවන් 164,000කට අධික සංඛ්‍යාවක් පිටුවහල් කර ඇති බව එරට ජාතික සභාවට (National Assembly) ඉදිරිපත් කරන ලද නිල දත්ත මගින් අනාවරණය වී තිබෙනවා.

‘දි එක්ස්ප්‍රස් ට්‍රිබියුන්’ (The Express Tribune) පුවත්පතට අනුව, මෙලෙස පිටුවහල් කරන ලද පිරිසෙන් බහුතරයක් සෞදි අරාබියෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 108,029ක්.

මීට අමතරව එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) මගින් පාකිස්තානුවන් 40,497 දෙනෙක් ද, ඕමානයෙන් 9,814 දෙනෙක් ද පිටුවහල් කර තිබෙනවා.

එමෙන්ම කටාර් රාජ්‍යයෙන් 2,971 දෙනෙකු සහ කුවේට් රාජ්‍යයෙන් තවත් පිරිසක් මෙලෙස සිය රට වෙත හරහා එවා ඇති බව එම වාර්තා පෙන්වා දෙනවා.

දේශීය නීති රීති උල්ලංඝනය කිරීම්, වීසා කාලය ඉක්මවා රැඳී සිටීම සහ නීතිවිරෝධී ලේඛන භාවිතය වැනි කරුණු හේතුවෙන් මෙම පිටුවහල් කිරීම් සිදුව ඇති බව පාකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සඳහන් කරනවා.

කෙසේ වෙතත්, මෑතකාලීනව කලාපීය දේශපාලන නොසන්සුන්තා මධ්‍යයේ කිසියම් නිශ්චිත ප්‍රජාවන් ඉලක්ක කර ගනිමින් මෙම පිටුවහල් කිරීම් සිදුවන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර ගිය ප්‍රචාර අසත්‍ය බවත්, මෙය සත්කාරක රටවල නීතිමය රාමුවට අනුව සිදුවන සාමාන්‍ය ක්‍රියාවලියක් පමණක් බවත් අමාත්‍යාංශය අවධාරණය කර තිබෙනවා.

මෙම තත්ත්වය හමුවේ විදේශ රැකියා සඳහා යන පිරිස් වඩාත් සැලකිලිමත් විය යුතු බව බලධාරීහු පවසති.

https://tribune.com.pk/story/2608912/over-164000-pakistanis-deported-from-gulf-in-5-years


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55
Video thumbnail
කාන්තාවක් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - අනුරගේ ජනප්‍රියත්වය කෝ මේ ගමේ..ආණ්ඩුවම වල්මත්වෙලා දුවනවා
03:56
Video thumbnail
3, 4, 5දිනයන්හී රැඳවියන්ට අමුත්තෝ හම්බෙන්න බෑ - රැගෙන ගිය රැඳවියන්ගේ නම් ප්‍රදර්ශනය කර ඇති අයුරු
01:23
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි - "JVPය තරම් සැප නෑ වෙන ආණ්ඩු..දැන් කෙ#වගෙන තියෙන්නේ"
02:42
Video thumbnail
සැලසුම් කරලවත් කරන්න බැරි විනාශයක් මෙයාලා කොහොමද කළේ ?මේක කාගේ හරි සැලසුමකට කරපු දෙයක් ?
04:04
Video thumbnail
රැදවියන්ගේ දෙමාපියන් හඬා වැටෙමින් කියූ දේ.."අපි දසමාසයක් තියන් අපේ දරුවෝ හැදුවා.."
01:54
Video thumbnail
සර්ට් නැතුව බ## ගෙනියනවා වගේ ගෙනිච්චේ - ළමයි හරිම දුකෙන් ගියේ බස් එකේ
01:21
Video thumbnail
හිටපු පොලිස්පති පූජිත්ට අත්වුණු ඉරණම ගැන දුර සිට බලා දුක්වුණු SDIG
01:11
Video thumbnail
රැඳවියෙකුගේ ඥාතියෙක් පොලිස් නිලධාරියෙකුට මූණටම කියපු කතාව..
00:31