AFC Banner
AFC Banner
Empty Ad

පසුගිය දස වසර තුළ මෙරට උපත් අනුපාතය සැලකිය යුතු තරමින් පහළට

පසුගිය වසර 10 සැලකීමේ දී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ, මෙම තත්ත්වය නිසා අනාගතයට ද දැඩි බලපෑමක් එල්ල විය හැකි බවයි.

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ;

“පසුගිය වසර 10 නිරීක්ෂණය කිරීමේදී දුටු දෙයක් තමයි මෙරට උපත් සංඛ්‍යාව ක්‍රමක්‍රමයෙන් අඩුවීම. 2013දී උපත් 350,000ක්. 2024දී 228,000ට අඩු වෙලා. ඒ ළමයින්ගෙනුත් යම්කිසි ප්‍රමාණයක් රෝග නිසා රෝහල්ගත වෙනවා. අවුරුදු 20කට කලින් අපි නොදුටු තත්ත්වයක් දැන් උදාවෙලා. ළමා දියවැඩියාව වාර්තාවීම වැඩි වෙලා. ළමා පිළිකා තත්ත්වයන් වාර්තාවීම වැඩිවෙලා. මානසික රෝගවලත් වැඩිවීමක් අපි දකිනවා. මේ වගේ දරුවෝ රෝගී වෙනවා නම් අනාගතය සුබදායක වෙන එකක් නැහැ. අපි හැමෝම මේ ගැන කල්පනාකාරී වුණේ නැත්නම් අපි හැමෝම අමාරු තත්ත්වයකට පත්වෙන්න පුළුවන්.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
2
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?