පස්වන ජාතික තරුණ පාර්ලිමේන්තුවේ සිව්වන සැසිවාරය සාර්ථකව අවසන්

ජාතික තරුණ සේවා සභාව විසින් සංවිධානය කළ පස්වන ජාතික තරුණ පාර්ලිමේන්තුවේ සිව්වන සැසිවාරය 2023 ඔක්තෝබර් 28 හා 29 යන දෙදින ජනාධිපති ලේකම් කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේ දී ඉතාමත් සාර්ථක ලෙස පැවැත්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

“2024 අයවැය සඳහා තරුණ යෝජනා” යන තේමාව ඔස්සේ පළමුවැනි දින විවාදය පැවැත්වුණු අතර, දෙවැනි දින විවාදය පැවතියේ “දේශගුණික විපර්යාසයන් හමුවේ ශ්‍රී ලංකා තාරුණ්‍යයේ කාර්ය භාරය” යන තේමාවෙන්.

මෙහි පළමු දිනයේ ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහන දිසානායක හා ජාතික තරුණ සේවා සභාවේ සභාපති, අධ්‍යක්ෂ ජනරාල් පසිඳු ගුණරත්න යන මහත්වරු සහභාගී වූ අතර දෙවැනි දිනයේ ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ හා ජාතික තරුණ සේවා සභාවේ සභාපති, අධ්‍යක්ෂ ජනරාල් පසිඳු ගුණරත්න යන මහත්වරු සහභාගි වී තිබෙනවා.

මීට අමතරව විශේෂ ආරාධිත අමුත්තන් ලෙස, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ. මහේෂන්, නීති විද්‍යාලයේ විදුහල්පති ආචාර්ය අතුල පතිනායක සහ ජාතික තරුණ සේවා සභාවේ සභා අධ්‍යක්ෂ ප්‍රදීප් මාපලගම යන මහත්වරු සහභාගි වුණා.

මෙහිදී අදහස් දක්වමින් ජාතික තරුණ සේවා සභාවේ සභාපති අධ්‍යක්ෂ ජනරාල් පසිඳු ගුණරත්න මහතා ප්‍රකාශ කර සිටියේ ජාතික තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වැඩි වටිනාකමක් ලබාදීම සඳහා ජාතික තරුණ පාර්ලිමේන්තුව පාර්ලිමේන්තු පනතක් හරහා පිහිටුවීමට ජනාධිපතිවරයාගේ උපදෙස් මත මීට පෙර සැසිවාරයේ දී තමා ලබා දුන් පොරොන්දුව ක්‍රියාත්මක කිරීම සඳහා වන අවසන් අදියරේ ක්‍රියාමාර්ග මේ දිනවල සිදු කරමින් සිටින බවයි. මීළඟ තරුණ පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් පත්වන්නේ එම පනත තුළින් බව ද ඔහු සඳහන් කළා.

තව ද ඉදිරි තරුණ පාර්ලිමේන්තුවට තේරී පත්වන මන්ත්‍රීවරුන් සඳහා දේශපාලනය, පාර්ලිමේන්තු සම්ප්‍රදායන්, අන්තර්ජාතික සබඳතා ආදී විෂය ක්ෂේත්‍රයන් ආවරණය වන පරදි විශේෂ ඩිප්ලෝමාවක් හඳුන්වාදීම සඳහා ජාතික තරුණ දේශපාලන විද්‍යායතනය පිහිටුවීමට තමා දුන් පොරොන්දුව ද ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු මේ වනවිට සූදානම් බවයි ඔහු ප්‍රකාශ කළේ.

මෙහිදී අදහස් දක්වමින් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ‍රොෂාන් රණසිංහ මහතා කියාසිටියේ ජාතික පාර්ලිමේන්තුවට අනාගතයේ දී තේරී පත්වන නියෝජිතයන් මනා ලෙස පුහුණු කිරීමක් සිදු කළ යුතු බවත්, යෝජිත තරුණ පාර්ලිමේන්තු පනත හා දේශපාලන විද්‍යායතනය ඒ සඳහා ඉතා කාලෝචිත පියවරයන් වන බවයි.

එමගින් අනාගතයේ දී මනා දැනුමකින් යුතු ජනතා නියෝජිතයන් පිරිසක් රටට දායාද කිරීමට හැකිවන බවද අමාත්‍යවරයා පෙන්වා දෙනු ලැබුවා. එසේම තරුණ තරුණියන් ව්‍යවසායකයින් ලෙස බලගැන්වීම යුගයේ අවශ්‍යතාවයක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා එමගින් මෙරට තරුණ්‍යය අද වන විට මුහුණදෙන ප්‍රබලතම ගැටලුවක් වන විරැකියාව තුරන් කිරීමට හැකිවන බවයි කියාසිටියේ.

තව ද, ජනාධිපතිතුවරයාගේ හා අමාත්‍යතුවරයාගේ උපදෙස් මත, අයවැය යෝජනා පිළිබඳව තරුණ තරුණියන්ගේ අදහස් විමසා බැලෙන මීළඟ තරුණ පාර්ලිමේන්තුව නොවැම්බර් මස 18 හා 19 දෙදින ජනාධිපති ලේකම් කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තු සභා ගර්භය තුළ පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව ද තරුණ සේවා සභාවේ සභාපති අධ්‍යක්ෂ ජනරාල් පසිඳු ගුණරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:46
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16