පවුල් ජීවිතේ අවුල් කළ පච්චයක් ගිය දුරක්

‘අනේ සර් මට මේ මිනිහා එක්ක තවත් ජීවත් වෙන්න බෑනේ. දෙන්න තියෙන වධ තිස්දෙකම මට දෙනවා මට මෙයාගෙන් අයින් වෙන්න ඕනේ.

රත්නපුර මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක රොහාන් ඕලූගල මහතා ඉදිරියේ හඬා වැටෙමින් භාග්‍යා කියන්න ගත්තා.

‘සර්… මටත් මේ ගෑනි එක්ක ඉන්න ඕනේ නැහැ. ප‍්‍රතිපත්තියක් නැති ගෑනියක් මෙයා.’

භාග්‍යාගේ සැමියා රුවන්ත එහෙම කිව්වේ දැඩි ස්වරයකින්. භාග්‍යයි රුවන්තයි විවාහ වුණේ මීට වසර තුනහතරකට උඩදියි.

භාග්‍යාගේ වැඩිහිටියෝ මේ විවාහයට මුලදී වැඩි කැමැත්තක් තිබුණේ නැහැ. විවාහ වෙලා වසර දෙක තුනක් ගියාට පස්සේ වැඩිහිටියොත් මේ විවාහය පිළිගත්තා.

ඒත් මේ ලස්සන පවුලට කනකොකා හඬන්න වැඩි දවසක් ගත වුණේ නැහැ. රුවන්ත නිතර නිතර භාග්‍යා එක්ක රණ්ඩු වෙන්න ගත්තා.

ටික කාලයක් යද්දී මේ දෙන්නටම එකට පවුල් කන එක වහකදුරු වගේ වුණා. අන්තිමේදී මේ ප‍්‍රශ්නය රත්නපුර මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක රොහාන් ඕලූගල මහතා ඉදිරියට ගියා.

දැන් කියන්න බලන්න තමුන්ට මොකද මේ තමුන්ගේ බිරිඳ එපාවෙලා තියෙන්නේ කියලා. මෙච්චර ලස්සන බිරිඳක් එපා කියන මිනිහා කව්ද?

ඕලූගල මහතා රුවන්තගෙන් විමසුවා.

සර් මේ ගෑනි මට ලොකු බොරුවක් කළා. මෙයා එයාගේ අතේ පච්චයක් කොටාගෙන ඉන්නවා. ඒක කොල්ලෙක්ගේ නමක් රුවන්ත කිව්වා.

ඕලූගල මහතා භාග්‍යාගේ අතේ තිබුණු පච්චය පරීක්‍ෂා කළා. ඒකෙ කොටලා තිබුණේ රුවන්ත කියලා. ඉතින් මනුස්සයෝ මේ අතේ කොටලා තියෙන්නේ තමුන්ගේ නමනේ. රුවන්ත කියන්නේ තමුන් නේද? ඕලූගල මහතා රුවන්තගෙන් ප‍්‍රශ්න කළා.

ඔව් සර් දැන් තියෙන්නේ මගේ නම තමයි. ඒත් ඔය පච්චේ ඉස්සර කොටලා තිබුණේ රුවන් කියලා. මෙයාට මාව හම්බ වුණාට පස්සේ එයා රුවන් කියන එකට ‘ත’ අකුර කොටාගෙන රුවන්ත කියලා පච්චය හදාගෙන තියෙනවා.

මං මුලින්ම හිතුවේ මෙයා මට තියෙන ආදරේ වැඩිකමට රුවන්ත කියලා පච්ච කොටාගෙන කියලා. රුවන්ත සිද්ධ වෙච්ච දේ ඕලූගල මහතා ඉදිරියේ කියන්න වුණා. ඒ කතාව ඇහුවට පස්සේ ඕලූගල මහතාටත් තරු විසිවුණා.

මෙයා කියන්නේ ඇත්තද? තමුන් පච්චය වෙනස්කර ගත්තද? ඕලූගල මහතා භාග්‍යාගෙන් ප‍්‍රශ්න කළා.

ඔව් සර්. මං කලින් යාළුවෙලා හිටියේ රුවන් කියලා බෝයි කෙනෙක් එක්ක. එයාට තිබුණු ආදරේ නිසා මං රුවන් කියලා එයාගේ නම මගේ අතේ පච්ච කොටා ගත්තා.

කාලයක් යද්දී මට රුවන්ව එපා වුණා. මං එයාගෙන් ඈත් වුණා. මං අතේ තියෙන පච්චය මකා ගන්න විදිහක් තිබුණේ නැහැ. මා එක්ක යාළු වෙන්න කොල්ලෝ සෑහෙන ගාණක් ට‍්‍රයි කළා. ඒත් මං රුවන්තව තෝරා ගත්තේ එයාගේ නම නිසා. මොකද අතේ තියෙන පච්චයට ‘ත’ අකුර කෙටුවම මට රුවන්තගේ නම සම්පූර්ණ වෙනවා ඒ නිසයි මං එයා එක්ක විවාහ වෙන්න තීරණය කළේ.

සර් මෙයාගේ අතේ මගේ නම භාග්‍යා කියලා පච්ච කොටලා තියෙනවා. භාග්‍යා සිද්ධ වෙච්ච හැම දෙයක්ම ඕලූගල මහතාට කිව්වා.

මේක පච්ච ප‍්‍රශ්නයක්.

ඕලූගල මහතා ඔළුවෙ අතගහගෙන කල්පනා කළා.

මේ ගෑනි මට මෙහෙම දෙයක් කරයි කියලා මං හිතුවේ නැහැ. මෙයාගේ ගමේ ගිය වෙලාවේ ගමේ කොල්ලෙක් තමයි ඔය පච්චය ගැන කිව්වේ. මෙයා කලින් යාළුවෙලා හිටිය කොල්ලගේ නම රුවන්. එයා අතේ ඒ නම පච්ච කොටාගෙන ඉන්නව කියලා.

මෙයා හම්බවෙලා දවස් දෙක තුනක් යද්දී මට මේ පච්චය පෙන්නුවා රුවන්ත කියලා එයා අතේ පච්ච කොටාගෙන ඉන්නව දැක්කම මගේ ඇස් දෙකට කඳුළු ආවා. ඇත්තටම මම හිතුවේ මෙයා මට ආදරේ වැඩිකමට රුවන්ත කියලා පච්ච කොටාගෙන කියලා.

ඒ නිසා මං එයාගේ නම භාග්‍යා කියලා අතේ පච්චයක් කොටා ගත්තා. මං වගේ මෝඩයෙක් තවත් නැහැ සර්.

රුවන්ත එයාගේ කතාව කිව්වා. දැන් තමුන්ලා මේ පච්ච නිසා ආරවුල් ඇතිකර ගන්න එපා. හොඳ පවුල් ජීවිතයක් ගත කරනවනේ. ඒ නිසා ඉදිරියට ජීවිතය ලස්සන කර ගන්න උත්සාහ කරන්න.

ඕලූගල මහතා රුවන්තටත් භාග්‍යාටත් අවවාද කළා.

අනේ සර් මට මේ ගෑනිගේ අතේ තියෙන පච්චය දකින දකින ගානේ ලේ කෝප වෙනවා. මට තවත් මේ ගෑනි එක්ක දීග කන්න බැහැ. රුවන්ත භාග්‍යා එක්ක යන එක ප්‍රතික්ෂේප කළා.

දැන් තමුන් මොකද කරන්නේ. ඕලූගල මහතා

භාග්‍යාගෙන් විමසුවා. සර් මගේ නමට තියනවා රුවන්තිකා කියලා කොටසක්.

මං රුවන්ත කියන නම රුවන්තිකා කියලා පච්චය වෙනස් කර ගන්නවා. මට තවත් මිනිස්සු එක්ක යන්න බැහැ. භග්‍යා එහෙම කිව්වේ රුවන්ත එක්ක තවදුරටත් පවුල් කන එක නතර කරන්න පොරොන්දු වෙමින්.

තමුන්ට මොනවද කියන්න තියෙන්නේ මෙයාව බිරිඳ විදිහට තවදුරටත් තියා ගන්න බැරිද?

අනේ මට එපා සර් මේ ගෑනිව මං අතේ තියෙන භාග්‍යා කියන නම වෙනස් කරලා අභාග්‍යා කියලා පච්චය කොටා ගන්නවා.

ඇත්තටම මේ වගේ ගෑනු අපේ ජීවිතවලට අභාග්‍යක් තමයි සර්……

එහෙම කියල රුවන්ත රත්නපුර පොලිිසියෙන් පිටවෙලා ගියා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාවාරම්කරුවෙක් පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"උදේනිට හයි කෝ⁣ට් එකක් දාලා දෙන්න"
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40