spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පලාලි – චෙන්නායි ගුවන් ගමන් ඇරඹයි

පලාලි ගුවන්තොටුපොළ ගුවන් සේවා කටයුතු වසර ගණනාවකට පසුව අද(12) නැවත ආරම්භ කෙරිණ.

ඉන්දියාවේ,චෙන්නායි සිට පලාලි ජාත්යෙන්තර ගුවන් තොටුපොළ දක්වා මගී ගුවන් යානයක් අද(12) උදැසන පැමිණින.
පැවති කොරෝනා වසංගත තත්වය හා පලාලි ගුවන් තොටුපොළ සංවර්ධන කටයුතු හේතුවෙන් පසුගිය සමයේ පලාලි සිට ඉන්දියාව දක්වා ගුවන් ගමන් නවතා තිබිණ.

රුපියල් මිලියන 2250 ක වියදමකින් පලාලි ජාත්ය්න්තර ගුවන් තොටුපොළ ඉදිකළ අතර, හිටපු ජනාධිපති මෛත්රීදපාල සිරිසේන මහතා හා එවක අගමැති රනිල් වික්රාමසිංහ මහතාගේ ප්රලධානත්වයෙන් 2019 ඔක්තෝම්බර් 17 වැනිදා මෙරට තෙවැනි ජාත්ය‍න්තර ගුවන් තොටුපොළ ලෙසට පලාලි ජාත්ය න්තර ගුවන් තොටුපොළ විවෘත කළහ.

නව ගුවන් ගමන් සේවා ආරම්භයත් සමඟ ඉන්දියාවේ සිට පලාලි දක්වා සතියේ සෑම සදුදා,අඟහරුවාදා හා සෙනසුරාදා දිනයකම ගුවන් ගමන් සේවා පැවැත්වීමට සුදානම් කොට ඇති බව ගුවන් තොටුපොළ භාර නිළධාරීන් පැවසූහ.

වැඩසටහන් අවස්ථාවට සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිළධාරීන්,ඉන්දිය මහ කොමසාරිස් කාර්යාල නිළධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වි සිටියහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?