පල්ලේකැලේ භූ කම්පන මානයෙන් ඇමරිකාව ඔත්තු බලයි

ඇමරිකාවේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලය මගින් පල්ලේකැලේ භූ කම්පන මධ්‍යස්ථානය ස්ථාපිත කර ඇත්තේ ඉන්දියාව සහ පකිස්ථානය යන රටවල න්‍යෂ්ටික අත්හදාබැලීම් සිදුකරනවා දැයි යන්න සොයා බැලීම සඳහා බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ (සිතියම් කරන) අජිත් ප්‍රේම් පැවසීය.

කැලිෆෝනියා විශ්වවිද්‍යාලයයේ පූර්ණ දායකත්වය සහ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සහයෝගය ඇතිව පල්ලේකැලේ භූ කම්පන මධ්‍යස්ථානය ඉදිකිරීමේ කටයුතු 1999 වසරේ ආරම්භ කළ අතර, එය ක්‍රියාත්මක කෙරුණේ 2000 වසරේ සිටය.

2000 වසරේ සිට 2004 වසරේ මෙරටට සුනාමි ව්‍යසනය බලපාන තුරුම එහි දත්ත භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට ලබාගැනීමට කැලිෆෝනියා විශ්වවිද්‍යාලය අවස්ථාව ලබා නොදුන් බව එම කාර්්‍යාංශයේ අධ්‍යක්ෂ (සිතියම් කරන) අජිත් ප්‍රේම් පැවසීය.

මෙම භූ කම්පන මානය පල්ලේකැලේ එළිමහන් සිර කඳවුරු භූමියේ පාෂාණයක් මත මීටර් 100 ක් ගැඹුරට විදුම් සිදුකර ස්ථාපිත කර ඇතැයි ද භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කරයි.

මෙම භූ කම්පන මානයේ දත්ත කැලිෆෝනියා විශ්වවිද්‍යාලය විසින් ද අධීක්ෂණය කරනු ලබයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද QR ක්‍රමයට වැල්ලවායේ තෙල් බෙදන හැටි..
02:03
Video thumbnail
ඉස්ලාම් බැතිමතුන් අද නෝම්බි අවුරුදු උත්සවය සමරපු හැටි..Happy Eid Mubarak
01:34
Video thumbnail
"වනචාරි අනුබුදු ගුණ බෙලෙන් යුද ගිණි නිවේවා" මිහින්තලේ හිමි පොසොන් උත්සවයේ තේමාව ගැන කිව්ව දේ
05:52
Video thumbnail
කොල්ලෙකුට මහ පාර මැද පොල්ලකින් ග#පු පොලිසිය.."ග#පු පාරට කොල්ලගේ දත් දෙකකුත් කැ#ලා"
02:45
Video thumbnail
ඉස්සරහට අමාරු කාලේකට මුහුණ දෙන්න වෙනවා
01:22
Video thumbnail
ගාමිණි දිසානායක අද හිටියා නම් මේ ආණ්ඩුවට උපදෙස් දෙනවා
01:44
Video thumbnail
අපි කිව්ව දේවල් ඇහුවා නම් රටට මෙහෙම වෙන්නේ නෑ
05:27
Video thumbnail
ලංකාවේ King Cobra අනුර කුමාර - කට ඇරියොත් නයි අරිනවා
03:16
Video thumbnail
අද අපි අනාථ වෙලා - අපි නාකි වෙනවා
04:36
Video thumbnail
ගාමිණි දිසානායක ගුණ සැමරුමේ දී සජිත් සංවේදී වෙයි
03:19