පල්ලෙකැලේ දී යකා නැටූ සරසවි සිසුන් තුනක් සහ සිසුවියක අත්අඩංගුවට

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර දෙවන එක්දින තරගය පැවති පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය අසල දී කලහකාරී ලෙස හැසිරුණු විශ්වවිද්‍යාල සිසුන් තිදෙනෙකු සහ සිසුවියක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (16) තරගය නැරඹීම සඳහා පැමිණි ප්‍රේකෂකයින්ගේ ප්‍රවේශපත්‍ර පරීක්ෂා කරන අවස්ථාවේ දී බීමත්ව පැමිණි පිරිසක් පොලිස් නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැන තර්ජනය කර ඇති බවයි වාර්තා වුණේ.

එහිදී එම පිරිස පාලනය කිරීමට පොලිස් නිලධාරීන් ගත් උත්සාහයේ දී ඔවුන් අතර සිටි කිහිපදෙනෙකු එම නිලධාරීන්ට සාපරාධී බලහත්කාරපෑමක් සිදුකළ බවත් පොලීසිය විසින් පසුව එම සැකකරුවන් තිදෙනා සහ සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය වැඩි දුරටත් සඳහන් කළා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 24 සහ 28 හැවිරිදි වියේ පසුවන අකුරම්බොඩ, කුරුණෑගල, කොස්ලන්ද සහ කැකිරාව යන ප්‍රදේශවල පදිංචිකරුවන් සිව්දෙනෙක්.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් තිදෙනා සහ සැකකාරිය අද (17) තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
34
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිරිත්, සිංදුවලින් කළුතර න.සභාවේ දී විපක්ෂේ මන්ත්‍රී වටේටම හොඳවැයින් අමතයි
03:43
Video thumbnail
මුජිබුර් පාර්ලිමේන්තුවේ ලෙසටම ෆයර්වෙයි.."කළුගගේ පීනුවා වගේ මුහුදේ පීනන්න බෑ.."
11:13
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13


?