AFC Banner
AFC Banner
Empty Ad

පලස්තීන-ඊශ්‍රායල් ගැටුමට ඇති එකම විසඳුම ගැන පුටින්ගෙන් ප්‍රකාශයක්

පලස්තීන-ඊශ්‍රායල් ගැටුමට සාකච්ඡාමය විසඳුමක් හැර වෙනත් විකල්ප නොමැති බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසනවා.

පොදුරාජ්‍ය මණ්ඩලීය ස්වාධීන රාජ්‍ය (CIS) සමුළුව අමතමින් රුසියානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

මේ අතර පෙර නොවූ විරූ ම්ලේච්ඡත්වයේ හමාස් ප්‍රහාර හමුවේ ඊශ්‍රායලයට ආත්මාරක්ෂාව සඳහා ඇති අයිතිය පිළිගන්නා බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම ගැටලුව විසඳීම සඳහා නැගෙනහිර ජෙරුසලම එහි අගනුවර ලෙස සලකා ස්වාධීන පලස්තීන රාජ්‍යයක් නිර්මාණය කිරීම සිදුකළ යුතු බවයි ඔහු එහිදී අවධාරණය කර ඇත්තේ.

“සාකච්ඡාවල ඉලක්කය විය යුත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ද්වි-රාජ්‍ය සූත්‍රය ක්‍රියාවට නැංවීමයි, එයින් ඇඟවෙන්නේ නැගෙනහිර ජෙරුසලම එහි අගනුවර ලෙස ස්වාධීන පලස්තීන රාජ්‍යයක් නිර්මාණය කිරීම, ඊශ්‍රායලය සමඟ සාමයෙන් සහ ආරක්ෂාවෙන් සහජීවනයෙන් කටයුතු කිරීම, පෙර නොවූ විරූ ම්ලේච්ඡත්වයේ ප්‍රහාරයකට ලක්ව තිබෙනවා. ඇත්ත වශයෙන්ම තමාව ආරක්ෂා කර ගැනීමට අයිතියක් තියනවා. සාමකාමී පැවැත්ම සහතික කිරීමේ අයිතියක් තිබෙනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
7
+1
0
+1
0
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?