පරිසර දූෂණය නිසා පිරිමි ලිංගේන්ද්‍රිය කුඩා වෙලා

පරිසර දූෂණය හේතුවෙන් වසර ගණනාවක සිට පිරිමින්ගේ ලිංගේන්ද්‍රිය ක්‍රමයෙන් කුඩාවීමට ලක්වී ඇතැයි නවතම අධ්‍යයනයකින් හෙළිවී තිබේ. ලිංගේන්ද්‍රිය කුඩාවට පිහිටා පිරිමි දරුවන් බිහිවීමේ ප්‍රතිශතයද ඉහළ ගොස් ඇතැයි මෙම අධ්‍යයනයෙන් සොයාගෙන ඇත. පරිසර විද්‍යාඥවරියක වන ශානා ස්වෝන් පසුගියදා ප්‍රකාශයට පත් කළ Count Down නම් ග්‍රන්ථයේ මේ පිළිබඳව සඳහන් කර තිබේ. එමගින් පෙන්වා දෙන ආකාරයට මනුෂ්‍ය වර්ගයා වඳවී යාමේ අන්තයක් වෙත තල්ලු වෙමින් සිටී. මිනිසාගේ ‘ශිෂ්ණය’ ක්ෂීණ වෙමින් පැවතීම හා සඵලභාවය පහළ බැසීම මේ තත්ත්වයට හේතුවන බව ඇය ප්‍රකාශ කරයි. පරිසර දූෂණය මිනිස් ප්‍රජනන අවයවවල ක්‍රියාකාරීත්වය පහත බැසීමටද හේතු වී ඇත. එය දැනටමත් පවතින්නේ අභියෝගාත්මක මට්ටමක බව ස්වෝන්ගේ අදහසයි.

මේ තත්ත්වයට බලපාන සංඝටකයක් ලෙස ඇය පෙන්වා දෙන්නේ ‘තැලේට’යි. තැලේට යනු ප්ලාස්ටික් ද්‍රව්‍ය නිෂ්පාදනයේදී භාවිත වන රසායනික සංයෝගයක් වන අතර එය මිනිසාගේ අන්තරාසර්ග පද්ධතියට බලපෑම් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?