පරිවාස නිලධාරීන්ට සාම විනිසුරු පත්වීම්

පරිවාස නිලධාරීන්හට සාම විනිසුරු පත්වීම් ලබා දීම අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ සහ ළමයින් සදහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපතිනිය වන පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණි කුමාරි විජේරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී සිදු කෙරුණා.

වින්දිතයන් බවට පත්වන දරුවන්ට නෛතික කටයුතුවලදී අවශ්‍යවන දිවුරුම් ප්‍රකාශ ලබා ගැනීමේදී සිදුවන අපහසුතාව මගහරවා ගැනීමටයි මෙම පියවර ගෙන ඇත්තේ.

මේ අනුව පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව යටතේ දිවයින පුරා සේවය කරන පරිවාස නිලධාරීන් 325 දෙනෙකු සඳහා සාම විනිසුරු පත්වීම් ලබා දීමට අවශ්‍ය අයදුම්පත්‍ර කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම් යමුනා පෙරේරා මහත්මියට සංකේතාත්මකව පිළි ගන්වනු ලැබුවා.

ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මියගේ සභාපතීත්වයෙන් පසුගිය දෙසැම්බර් 02 වැනිදා පැවති ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ රැස්වීමට පරිවාස හා ළමාරක්ෂණ සේවා කොමසාරිස්වරයා ඇතුළු පළාත් කොමසාරිස්වරු සම්බන්ධ වූ අතර එහිදී සිය ගැටලු සහ යෝජනා සංසදය වෙත ඉදිරිපත් කිරීමට ඔවුන්ට අවස්ථාව හිමි වුණා.

එහිදී ඔවුන් පෙන්වා දුන්නේ අධිකරණ ක්‍රියාවලිය තුළ පරිවාස භාරයේ සිටින වින්දිත දරුවන් දිවුරුම් ප්‍රකාශ ලබා ගැනීම සදහා තෙවැනි පාර්ශ්වයකට යොමු කිරී‍මේදී අපහසුතාවට පත්වන බවයි.

මේ අනුව ළමුන් සදහා වන පාර්ලිමේන්තු සංසදය විසින් මෙම යෝජනාව අධිකරණ අමාත්‍යවරයාගේ අවධානයට ඉදිරිපත් කරනු ලැබුවා.

මෙම අවස්ථාවට එක්වූ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පෙන්වා දුන්නේ කාලීන ගැටලුවක් විසදීම සදහා ළමයින් සදහා වන පාර්ලිමේන්තු සංසදයේ මැදිහත්වීම ප්‍රශංසනීය බවයි.

ඉදිරියේදීත් මෙවැනි සාධනීය පියවර සදහා හැකි සෑම පියවරක්ම ගන්නා බව ඔහු ප්‍රකාශ කළා.

එසේම මෙහිදී අදහස් දැක්වූ ළමයින් සදහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය පවසා සිටියේ දීර්ඝ කාලයක් තිස්සේ පැවති මෙම ගැටලුවට විසදුම් ලබා දීමට හැකිවීම මෙරට ළමා ප්‍රජාව ලැබූ ජයග්‍රහණයක් බවයි.

තවද මෙම සංසදයේ මැදිහත්වීමෙන් සිදුකළ ඉල්ලීමට ඉතාම කඩිනමින් ප්‍රතිචාර දැක්වීම පිළිබදව අධිකරණ අමාත්‍ය ගරු විජේදාස රාජපක්ෂ මහතාට ළමයින් සදහා වන පාර්ලිමේන්තු සංසදයේ ස්තුතිය පුදකර සිටින බවද ඇය ප්‍රකාශ කළා.

එසේම මෙම අවස්ථාව මෙර‍ට පවතින ගැටලු විසදීම සදහා පාර්ලිමේන්තු කාරක සභා වඩා සාධනීය ලෙස මැදිහත්වීම පිළිබද නිදසුනක් බවද සභාපතිවරිය පෙන්වා දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුජීව ආණ්ඩුවත් එක්ක ගේම ඉල්ලයි - රිලව් වගේ කෑගහුවාට බලය තියෙන්නේ පොඩි කාලයයි
21:09
Video thumbnail
අපිට විශ්වාසයි සංචාරක ක්ෂේත්‍රයේ නව ප්‍රවණතාවක් ඇති වෙනවා - මෙතන කිසිම ගැටුමක් නෑ
05:34
Video thumbnail
ජලය නැතුව වන සතුන් අමාරුවේ - ජල මාර්ග සිඳී යයි
00:40
Video thumbnail
රනිල් රටේ ජනතාව නොමඟ යවනවා
03:06
Video thumbnail
දහස් ගණන් මිනිස්සු ගැවසෙන, පොලිසිය පේන දුරින් කාන්තාවක් ප්‍රසිද්ධියේම කුඩු ගස# හැටි..
00:36
Video thumbnail
ඇයි ජනපතිතුමා මේ රිපෝට් හැංගුවේ..?DV චානක ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි
08:58
Video thumbnail
මහින්ද රාජපක්ෂගේ සිස්ටම් එකමයි තාම යන්නේ
12:37
Video thumbnail
ලාල් කාන්තගේ කතාවට චාමර සම්පත් රිදෙන්නම දෙයි
07:49
Video thumbnail
22වන සංශෝධනය සමඟ මාලිමාවේ ඒකාධිපති බළලා මල්ලෙන් එළියට එනවා - පොහොට්ටුවෙන් චෝදනා
05:54
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු අනතුරේ ඇත්ත කතාව එළියට - "ගිනිගයි කියන බයට පෙරලුවේ ඒක"
06:20