පාරිභෝජනයට නොසුදුසු සීනි තොගයක් සමඟ සැකකරුවන් සිව්දෙනෙකු වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය මඟින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
ඊයේ (06) පස්වරුවේ පෑලියගොඩ පොලිස් වසමේ පෙතියාගොඩ ප්‍රදේශයේ දී වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් සහ පරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින් සමඟ වැටලීමක් සිදුකර තිබෙනවා.
එහිදී රුපියල් මිලියන 850ක් පමන වටිනා පරිභෝජනයට නොසුදුසු සීනි ටොන් 4250ක් (සීනි මිටි 85,000) සමඟ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.
සැකකරුවන් අවුරුදු 43, 45, 47 සහ 61 වයස්වල පසුවන කඩුවල, අංගොඩ, පිළියන්දල හා හැටන් ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.













