පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් විසින් ආරම්භ කර තිබූ වර්ජන ක්‍රියාමාර්ගය අද (07) පෙරවරු 8.00ට අවසන් කළා.
සංගම් කිහිපයක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් ඉවත්වීමට තීරණය කළත් වෛද්‍ය රසායනාගාර වෘත්තිකයින් තවමත් මෙම වර්ජන ක්‍රියාමාර්ගයේ නිරතව සිටිනවා.
ඒ, අනුව සංගම් 05න් සංගම් 04ක් වර්ජන ක්‍රියාමාර්ගය අවසන් කිරීමට තීරණය කළ බවයි පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය සඳහන් කළේ.
සම සෞඛ්‍ය ගැටලුව, උසස්වීම් ප්‍රමාදය, වැටුප් විෂමතා ඇතුළු කරුණු පහක් මුල්කරගනිමින් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පෙරේදා (05) උදෑසන 8.00 ට එක්දින වැඩ වර්ජනයක් ආරම්භ කළා.
මේ හේතුවෙන් ප්‍රතිකාර සඳහා රෝහල්වලට පැමිණි රෝගීන් දැඩි අපහසුතාවයකට පත් වුණා.





