ඕස්ට්‍රේලියාව සමඟ ඊයේ (18) නිමා වූ සිව්වන විස්සයි විස්ස තරගයේ දී නව වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට හැකියාව ලැබුණා.
ඒ ඕස්ට්‍රේලියාවට එරෙහිව පන්දුවාර විස්සයි විස්ස තරගාවලියක දී වැඩිම ලකුණු රැස්කළ ශ්‍රී ලංකා පිතිකරු බවට පත්වෙමින්.
පැතුම් නිස්සංක මෙලෙස බිඳ දැමුවේ තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්න විසින් 2016 – 2017 දී ඕස්ට්‍රේලියාව සමඟ පැවති තරගාවලියේ දී පිහිටුවා තිබූ වාර්තාවයි.
ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන මෙම තරගාවලියේ තරග 04ක් නිම වනවිට පැතුම් නිස්සංක රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 171ක්.
මීට පෙර අසේල ගුණරත්න ඕස්ට්‍රේලියාවට එරෙහිව තරග 03ක දී ලකුණු 140ක් වාර්තාකර තිබුණා.
දෙරට අතර ඊයේ පැවති සිව්වන විස්සයි විස්ස තරගය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 06කින් පරාජය වුණා.













