නාගරික සංවර්ධන අධිකාරිය රුපියල් ලක්ෂ තුන්සිය හතළිහක වියදමකින් පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම මත ඉදිකිරීමට යෝජිතව තිබූ ඇවිදින මංතීරුවේ ඉදිකිරීම් කටයුතු වහාම නතර කිරීමට පියවර ගත් බව පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති අමරකීර්ති අතුකෝරල මහතා මාධ්‍ය වෙත සඳහන් කර තිබෙනවා.
ප්‍රදේශයේ මහා සංඝරත්නයේ හා ගොවිජනතාව, සිවිල් සංවිධානවල නියෝජිතයන්ගේ විරෝධය හමුවේ හා භික්ෂුන් වහන්සේලාගේ අවවාද අනුශාසනා සැලකිල්ලට ගෙන එම ව්‍යාපෘතිය නතර කිරීමට පියවර ගත් බව අතුකෝරල මහතා සඳහන් කරන බවයි
ලක්ෂ 340ක මුදල මහා භාණ්ඩාගාරය වෙත යැවීමට පියවර ගත් බවත් එම මුදල් දිස්ත්‍රික්කයේ වෙනත් සංවර්ධන ව්‍යාපෘතියකට හරවා ගැනීමේ නීතිමය තත්ත්වයක් නොමැති බවත් අතුකෝරල මහතා සඳහන් කර තිබෙනවා.