පර්ත් තරගයට ප්‍රමෝද් මධුෂාන්ට අවස්ථාව නැහැ

විස්සයි විස්ස ලෝක කුසලාන තරගවලියේ සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන තරගය අද (25) පස්වරුවේ සත්කාරක ඕස්ට්‍රේලියාව එරෙහිව පැවැත්වෙනවා.

ආබාධයකට ලක්ව සිටි ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක මෙම තරගයේ දී ක්‍රීඩා කිරීමේ වැඩි ඉඩක් පවතින බවයි ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන්නේ.

ඊට අමතරව ආබාධයකට ලක්ව සිටි වේග පන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද් මධුෂාන් අද තරගයේ දී විවේක ගන්වා ඇති බව සඳහන්.

ඒ, අනුව නිමා වූ අයර්ලන්තය අතර තරගයේ දී වේග පන්දු යවන්නන් ලෙස කටයුතු කළ ළහිරු කුමාර සහ බිනුර ප්‍රනාන්දු අද තරගයට ද එක්වන බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් පර්ත් ක්‍රීඩාංගණයේ තණතීරුව පරීක්ෂා කිරීමෙන් පසු අද තරගයට ක්‍රීඩා කරන ක්‍රීඩකයින් එකොළොස් දෙනා තීරණය කිරීමට නියමිත බවයි ශ්‍රී ලංකා තේරීම් කමිටු සභාපතිවරයා පැවසුවේ.

සුපිරි 12 වටයේ ඕස්ට්‍රේලියාව සහභාගී වූ පළමු තරගය නවසීලන්තය හමුවේ දරුණු පරාජයක් ලැබූ අතර, ශ්‍රී ලංකා කණ්ඩායම සභාගී වූ පළමු තරගයෙන් අයර්ලන්තයට එරෙහිව පහසු ජයක් වාර්තා කළා.

ඕස්ට්‍රේලියානු කණ්ඩායමට මෙම තරගය ජය ගැනීමට නොහැකි වුවහොත් ඔවුන්ට තරගාවලියෙන් ඉවතට විසිවීමේ වැඩි ඉඩකඩක් පවතින අතර, ශ්‍රී ලංකාව අද තරගය ජයගත හොත් අවසන් පූර්වවටයට පිවිසීමේ වැඩි බලාපොරොත්තුවක් තබා ගත හැකිව වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
30
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මේකා ගො# කියලා අමතක වුණා..මේකා ගො# තමයි"ලාල් කාන්තට ගොවීන් හොඳ පදෙන්ම දෙසයි
07:43
Video thumbnail
දුම්රියේ මිල ගාස්තු සශෝධනයක් කරන්න එපා..බීරි අලින්ට වීණා වාදනය කරනවා වගේනේ මෙයාලට
05:26
Video thumbnail
කංචන ගසා කාපු රු.50 ඉස්සෙල්ලම තෙල් මිලෙන් අඩු කරන්න..දයාසිරිගෙන් සැර කතාවක්
07:50
Video thumbnail
දැන් අමෙරිකන් ජෙප්පො ටිකක් ඉන්නේ..ටැක්ස් එක අඩු කරලා ඉන්ධන දෙනවා කිව්වා..දැන් කරපන්කෝ ඉතින්
04:21
Video thumbnail
ගියපාර ඉරානයට ෂොට් එක දෙද්දි "ඔබාමාට එන්න කියාපිය" කියලා තමයි අනුරලා පිකෙටින් කළේ..දැන් කට කොයි
05:29
Video thumbnail
ඉරාන නැව ගැන මුජිබුර්ගෙන් ඇස් උඩයන හෙළිදරව්වක්..ජනපති මධ්‍යස්ත නෑ - ඉන්නේ යුද්දෙ එක්ක
09:04
Video thumbnail
සීගිරියේ ලොකුම හෝටලය කාලයක් තිස්සේ කරපු කැත වැඩ ඔක්කොම මාට්ටු..වනජීවී අපරාධ රාශියක් කරලා
06:02
Video thumbnail
කළු ගඟ ඉවුර ගොඩ කරලා කෙසෙල් ගස් හදලා..මේ විනාශය බලධාරින්ට පේන්නේ නැද්ද ?මේකද ආණ්ඩුවේ වෙනස ?
03:11
Video thumbnail
මහ ගින්නක් ගමකට කරපු ලොකු විනාශය..උඩින් පත්තුවෙනවා..එන්න එන්න කට්ටිය
01:15
Video thumbnail
SLFP එක ලොකු සෙට් එකක් මැයි රැළියට ගෙන්නන්න හදන්නේ ? 10000කට වැඩි ගාණක් ගෙන්නනවා
03:07