පර්චසයක් මිලියන 29කට විකිණුනු කොළඹ ඉතිහාසයේ විශාලතම ඉඩම් ගනුදෙනුව

තුම්මුල්ල ප්‍රදේශයේ අක්කරයකට ආසන්න ඉඩමක් පර්චසයක් රුපියල් මිලියන 29ක වාර්තාගත මුදලකට අත්පත් කර ගැනීමට Home Lands සමූහය සමත්ව තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කරන්නේ, මෙට කොළඹ ඉඩම් ගනුදෙනුවක දී පර්චසයකට ගෙවන ලද ඉතිහාසයේ ඉහළම මුදල බවයි.

මෙම වාර්තාගත ඉඩම් මිලදී ගැනීමේ ආයෝජනය රුපියල් බිලියන 4.5 ඉක්මවා ඇති බව සඳහන්.

මෙලෙස මිලදී ගත් තුම්මුල්ල ඉඩමේ මහල් 40 කින් යුත් අති සුඛෝපභෝගී මහල් නිවාස ව්‍යාපෘතියක් වන Pentara Residencies ඉදිකිරීමට නියමිතයි.

ඒ සඳහා හැටන් නැෂනල් බැංකුව අරමුදල් සපයනු ලබන ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
31
+1
5
+1
22
+1
14
+1
6
+1
8
+1
7
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?