පරම්පරාවෙන් පරම්පරාවට ජනතා ප්‍රශ්න යන්න දෙන්න එපා – ජනපති කියයි

ප්‍රාදේශීය සංවර්ධන වැඩපිළිවෙළේ දී ආණ්ඩුකාරවරු සහ දිස්ත්‍රික් ලේකම්වරු පෙරමුණ ගෙන ක්‍රියා කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

ග්‍රාමීය ජනතාවට සංවර්ධනයේ ප්‍රතිලාභ කඩිනමින් අත්කරදීම රජයේ අපේක්ෂාව වන බවත් මේ වැඩපිළිවෙළ කිසිසේත් ප්‍රමාද කළ නොහැකි අතර සියලු සංවර්ධන කටයුතු අධීක්ෂණය සහ වගකීම ආණ්ඩුකාවරුන්ට සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ට පවරන බවද ජනාධිපතිවරයා පවසා තිබේ.

ආණ්ඩුකාවරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරු සමග අද (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ඇතැම් ව්‍යාපෘති සඳහා ප්‍රතිපාදන වෙන් කර ඇතත් ඒවා ක්‍රියාවට නංවා නැති බවත්, තවත් ව්‍යාපෘති අතරමග නවතා ඇති බවත් ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර ඇත.

ඒ සඳහා ගත් ණය වෙනුවෙන් රජය විශාල පොළියක් ගෙවමින් සිටින අතර මේ දෙස බලා සිටින ජනතාව රජයට මෙන්ම නිලධාරීන්ට දෝෂාරෝපණය එල්ල කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

ජනතා අවශ්‍යතා හා ජනතාව රජයෙන් අපේක්ෂා කරන්නේ කුමක්දැයි අවබෝධ කර ගනිමින් සංවර්ධන යෝජනා ක්‍රම කඩිනම් කළ යුතු බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත.

ප්‍රතිපාදන වෙන්කර මෙතෙක් ආරම්භ කර නැති සහ, ආරම්භ කොට අතරමඟ නවතා දමා ඇති සියලු ව්‍යාපෘති කඩිනමින් පටන් ගන්නැයි එහිදී ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ. 

පුද්ගලයෙකුගේ හෝ කිහිප දෙනෙකුගේ වරදක් නිසා සමස්ත ජනතාවම පීඩාවට පත්වන අයුරින් නීති සකස් නොකළ යුතු බව ද අවධාරණය කර ඇති ජනාධිපතිවරයා, වංචනිකයන් සහ කූඨ ව්‍යාජ පාරිකයන් නීතියේ රැහනට හසු කර ගැනීමට අවශ්‍ය නීති සැකසීමට නම් නිලධාරීන් ගමට ගොස් සැබෑ ලෙස ජනතා ප්‍රශ්න හඳුනාගත යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කර ඇත. 

සාධාරණ ලෙස ජීවත්වන අහිංසක ජනතාව ද හොරුන් ලෙස දකින්නේ ගමට නොයන නිලධාරියා බව කී ජනාධිපතිවරයා, ජනතා අවශ්‍යතා ඉටුකිරීමේ දී චක්‍ර ලේඛවලට සීමා නොවී රාජ්‍ය ප්‍රතිපත්තිය අනුව ක්‍රියා කිරීමේ වැදගත්කම අවධාරණය කළේය.

ජනතා ප්‍රශ්නයක් ඉදිරිපත් කළ විට තවත් ප්‍රශ්නයක් හේතුවක් කර ගනිමින් එය යට ගැසීමට නිලධාරීන් උත්සාහ නොකළ යුතු බවත් ජනතා ගැටලු ඉදිරිපත් වූ විට න්‍යාය අනුව පමණක් බලා ඒවා මඟ හැරීම ද නොකළ යුතු බවත් පැවසු ජනාධිපතිවරයා, ජනතා ප්‍රශ්න පරම්පරාවෙන් පරම්පරාවට යාමට ඉඩ දිය යුතු නැතැයි ද සඳහන් කර ඇත.

රජය සියලු සංවර්ධන වැඩ සැලසුම් කර ඇත්තේ පොදු මහජනතාව වෙනුවෙන් බව පැවසූ ජනාධිපතිවරයා, පාරිසරික සංවර්ධනය ඇතුලු සියලු අංශවලද ජනතාව ජීවත්කරවීමේ වගකීමට ප්‍රමුඛත්වය දී ඇති ද සඳහන් කර තිබේ.

ග්‍රාමීය ප්‍රදේශවල ඉඩම් පරිහරණය අවිධිමත් තත්ත්වයක පවතින බවත් ඒ පිළිබඳව ගැමියන් දැනුවත් කරමින් තම ගෙවතු කෘෂිකර්මාන්තයට යොදා ගැනීම සඳහා මාර්ගෝපදේශනය දීම වැදගත් වෙන බව ද සඳහන් කර ඇති ජනාධිපතිවරයා, ප්‍රජා වන වගා ව්‍යාපෘති පුළුල් කිරීමෙන් පාරිසරික ගැටලු රැසකට විසඳුම් දීමට පිළිවන් බවත් ඒ සඳහා යොමුවන ලෙසත් නිලධාරීන්ට දැනුම් දුන්නේය. 

ඇතැම් පිරිස් සහ මාධ්‍ය හුවා දක්වන අන්දමේ පරිසර විනාශයක් දිස්ත්‍රික් මට්ටමින් සිදුනොවන අතර එය මාධ්‍ය  සංදර්ශනයක් පමණක් බව දිස්ත්‍රික් ලේකම්වරු එහිදී සඳහන් කර තිබේ.

ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ මතුවන ගැටලු සාකච්ඡා කිරීමට සෑම මසකම ආණ්ඩුකාරවරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරු හමුවීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂය - දිලිත් සමඟ හදීසියේම හමුවක්..චානක, G.L. පීරිස් ඇතුළු ප්‍රබලයින් රැසක්ම එයි
02:20
Video thumbnail
රටේ ලග්නය බලපාන්නේ ජනාධිපති හරහා ජනතාවට..නැකැත් සීට්ටුව ලැබෙනකල් බලන් ඉන්න එපා
04:53
Video thumbnail
සජිත් දෙයක් කිව්වම අනේ ප්ලීස් එපා කිව්වා..කොහොමද අපේ ආණ්ඩුවේ - පම්පෝරිය කටේ
03:34
Video thumbnail
නැකත් නැති නොනගතේ නැකත් ඕනි කියන්නේ ලිත් මුදලාලිගේ සල්ලි..ඇයි මෙච්චර කැක්කුමක්..
09:21
Video thumbnail
මෙරට විශාලම ජල මූලාශ්‍රය පිටබැද්දරින් මතුවෙයි.."මාර සතුටක් තියෙන්නේ..මෙහෙම දකිද්දි"
04:14
Video thumbnail
පිටබැද්දර පොළොවෙන් මතු වූ මහ ජල කඳ
00:36
Video thumbnail
පලුගස්වැවේ සැප දාපු SPA සෙට් එකට වැඩ වරදියි..වසන්තගෙන් දැඩි ප්‍රකාශයක් l Wasantha Samarasinghe
09:57
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා මාර්ග සංඥා නොතකා ගමන් ගන්නා බස් රථය..ජීවිත ගැන කිසි වගකීමක් නැ
01:07
Video thumbnail
ඉදිරියේදී ඉන්ධන නැතිවීමේ ප්‍රවණතාවක් ?.. QR ක්‍රමවේදය අත්‍යවශ්‍ය වෙනවා
06:23
Video thumbnail
සලේගේ ළඟම හිතවතා මුල ඉදලම සිදුවුණු සියල්ල මාධ්‍යයට හෙළිකරයි..ඇයි සලේ ලංකාවෙන් පිටවෙලා ගියේ ?
43:38