AFC Banner
Empty Ad
Empty Ad

පන්දුවාර 20 ලෝක කුසලානයේ අවසන් මහා තරගයට ඔස්ට්‍රේලියාව සුදුසුකම් ලබයි

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්වුනා.

ඒ පාකිස්ථානය සමග අද පැවති තරගය කඩුළු 5 කින් ජයග්‍රහණය කරමින්.

දෙවැනි අවසන් පූර්ව තරගය පැවැත්වුණේ ඩුබායි හිදී යි.

මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියා නායක එරෝන් ෆින්ච් පළමුව පන්දුවට පහරදීම සඳහා පාකිස්ථාන කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව පාකිස්ථාන ඉනිම ආරම්භ කළේ නායක බාබර් අසාම් සමගින් මොහොමඩ් රිස්වාන්.

ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 71ක් එක්කරමින් පාකිස්ථානයට සාර්ථක ආරම්භයක් ගෙන දුන්නා.

නායක බාබර් අසාම් 39යි.

මොහොමඩ් රිස්වාන් ලකුණු 67ක් රැස්කළේ හතරේ පහර 3ක් සහ හයේ පහර 4ක් ද සමඟින්.

පාකිස්ථාන ඉනිමේ අවසන් භාගයේදී සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ෆකර් සමාන් පන්දු 32කින් නොදැවී ලකුණු 55ක් ලබා ගත්තා.

ඔහුගේ ඉනිම හතරේ පහර 3කින් සහ දැවැන්ත හයේ පහර 4කින් වර්ණවත් වුණා.

මේ අනුව පාකිස්ථාන කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 176ක්.

මිචෙල් ස්ටාක් ලකුණු 38කට කඩුලු 2ක් බිඳ හෙළුවා.

ඔස්ට්‍රේලියා පිළිතුරු ඉනිම ආරම්භ කළේ නායක ඒරෝන් ෆින්ච් සමගි ඩේවිඩ් වෝනර්. ඒරෝන් ෆින්ච් ලකුණු නොලබා ක්‍රීඩාගාරය වෙත හරවා යැව්වේ ෂහීන්ෂා අෆ්රිඩි විසින්.

මාර්කස් ස්ටොයිනිස් නොදැවී ලකුණු 40ක් ලබාගත්තා.

මිචෙල් මාර්ෂ් ලකුණු 28යි. ශදාබ් ඛාන් ඔස්ට්‍රේලියා කණ්ඩායමේ කඩුලු 4ක් බිඳහෙලුවා. ඔස්ට්‍රේලියාව පන්දුවාර 19ක් අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

මෙම ජයග්‍රහණය අනුව ලබන ඉරිදා නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව 2021 පන්දුවාර 20 ලෝක කුසලානයේ අවසන් මහා තරගයට එක්වනු ඇති.

2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ වාඩුව එංගලන්තයෙන් ගන්නට නවසීලන්ත කණ්ඩායමට හැකියාව
ලැබුණා.

ඒ මෙවර පන්දුවාර 20 ලෝක කුසලානයේ පළමු අවසන් පූර්ව තරගයේදී එංගලන්තය කඩුලු 5කින් පරාජය කරමින්.

මේ අනුව නවසීලන්තය පළමු වරට පන්දුවාර 20 ලෝක කුසලානයක අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

2019 ලෝක කුසලාන එක්දින අවසන් තරගය ප්‍රති නිර්මාණය කරමින් එංගලන්තය සහ නවසීලන්තය මෙවර පන්දුවාර 20 ලෝක කුසලානයේ පළමු අවසන් පූර්ව තරගයේදී තරග බිමට පිවිසියේ අබුඩාබි ක්‍රීඩාංගණයේදී.

එදා තරගයේදී වගේම මෙම තරගයේදීත් ප්‍රධාන විනිසුරුවරුන් ලෙස කටයුතු කළේ ශ්‍රී ලංකාවේ කුමාර් ධර්මසේන සහ දකුණු අප්‍රිකාවේ මරේ එරස්මස්.

තීරණාත්මක කාසියේ වාසියේ වාසියත් නවසීලන්ත නායක කේන් විලියම්සන් සතුවෙද්දී ඔහු තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.

ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 166ක්.

නවසීලන්ත පිළිතුරු ඉනිමේදී ප්‍රභල ක්‍රීඩකයින් දෙදෙනෙකු වන මාටින් ගප්ටිල් ලකුණු 4කට සහ නායක කේන් විලියම්සන් ලකුණු 5කට දැවී ගියේ තරගයේ පාලනය එංගලන්තය සතු කර ගනිමින්.

කෙසේ වෙතත් ඩැරල් මිචෙල් සහ ඩෙවොන් කොන්වේ එක්ව තුන්වැනි කඩුල්ලට ලකුණු 82ක් එක්කරමින් බිඳවැටුණු නවසීලන්ත ඉනිමට යළි ජිවය ගෙනාවා.

ඩෙවොන් කොන්වේ ලකුණු 46යි.

කොන්වේගේ දැවී යාමෙන් අනතුරුව පිටියට පිවිසි ග්ලෙන් ෆිලිප්ස් ද ලකුණු 2කට දැවී ගියේ යළි තරගයේ ජය දෙපිලටම දෝලනය කරමින්.

ඒ වන විට නවසීලන්තයට පන්දු 25කදී ලකුණු 59ක දැවැන්ත ඉලක්කයක් හිමි වී තිබුණා.

2019 එක්දින ලෝක කුසලානයේ සුපිරි පන්දුවාරයේදී නවසීලන්තයට ජය ගෙන දෙන්නට නොහැකි වූ ජේම්ස් නීෂම් පිටියට පිවිසියේ ඊට හත්පසින්ම වෙනස් අරමුණකින්.

තරගය කණපිට හැරවූ ජේම්ස් නීෂම් පන්දු 11කින් ලකුණු 27ක් රැස්කළේ නවසීලන්ත ජය මාවත යළි විවර කරමින්.

ඩැරන් මිචෙල් පන්දු 47කින් නොදැවී ලකුණු 72ක් ලබා ගනිමින් නවසීලන්තය පළමු වරට පන්දුවාර 20 ලෝක කුසලානයක අවසන් මහා තරගයක් වෙත කැඳවාගෙන ගියා.

ඒ පන්දුවාර 19කදී කඩුලු 5ක් දැවී ලකුණු 167ක් ලබා එංගලන්තයෙන් 2019 ලෝක කුසලානයේ වාඩුවත් පිරිමසා ගනිමින්.

ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අවසන් වරට සංවිධන කළ එක්දින ලෝක කුසලානය, ටෙස්ට් ලෝක ශූරතාවය සහ පන්දුවාර 20 ලෝක කුසලානය යන තරගාවලි ත්‍රිත්වයේම අවසන් මහා තරගයට නවසීලන්ත කණ්ඩායම කේන් විලියම්සන්ගේ නායකත්වයෙන් සුදුසුකම් ලබාගන්නට හැකිවීමත් කැපීපෙනුනා.

තරගයේ වීරයා ඩැරල් මිචෙල්.

මේ අතර පන්දුවාර 20 මෙවර ලෝක කුසලානයේ පාකිස්තානය සමඟ පැවති තරගය පරාජයවීමත් සමඟින් ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කොලිගේ සිගිති දියණිය දුෂණය කරන බවට අන්තර් ජලය ඔස්සේ පුද්ගලයකු විසින් තර්ජන ද එල්ල කර තිබුණා.

අදාළ පුද්ගලයා ඉන්දියාවේ හයිද්‍රාබාද් ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත්වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට පිවිසෙන්නට නොහැකිවීමත් සමඟින් කෝලිට අමතරව, රෝහිත් ශර්මා ඇතුළුව ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින්ට එරට ක්‍රීඩා ලෝලීන්ගෙන් එල්ල වුණේ දැඩි විරෝධයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔබත් අස ජීවිතයේ සතුටින් ඉන්නද? #goodmorning
06:11
Video thumbnail
ඔරුවක නැගලා මහ වැස්සේ දීගෙක යන ජෝඩුව #couple #viralnews #shortvideo #1millionaudition
00:04
Video thumbnail
මාන්නප්පෙරුමඅයින්වුනා කිව්වාම මම Shok වුණා #sjb #short #vrall
00:16
Video thumbnail
හිරුණිකා අයින් වෙලා කියලා මම දන්නේ නෑ #sajithpremadasa #hirunika_premachandra ##sjb
03:38
Video thumbnail
සජබය ට පාර්ලිමේන්තු මැතිවරණය දිනන්න ඕනි නම් කළ යුතු දේ හිරුණිකා කියයි #hirunika_premachandra #sjb
01:56
Video thumbnail
අතුරුදහන් වුණ පුද්ගලයන් ගැන හොයන්න ආණ්ඩුවට සදාචාරාත්මක වගකීමක් තියෙනවා
02:39
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණිය සංවේදීව මාධ්‍යට කිව්ව කතාව #keheliyarambukwella
05:04
Video thumbnail
ජනපති අනුරගේ හොඳ කියන හිරුණිකා - කළකිරුනු හිරුණිකා සජබ පැටිකිරියම දිගහරී
02:27
Video thumbnail
මේ ආණ්ඩුවත් ජනතාවට සහන දෙන්නේ නෑ - දින දෙක තුනක් බිත්තර අඩුවුණා
02:55
Video thumbnail
සජිත්ගේ පරාජයට හේතුව හරුණිකා මාධ්‍යට කියයි - පුතාණෝගේ සායම එළිපිටම විනාසයි #sajithpremadasa #sjb
03:53

?