පන්කෝටි විසිලක්ෂයක කුෂ් තොගයක් සමග ගුවන් මගියෙකු අත්අඩංගුවට

රුපියල් පන් කෝටි විසි ලක්ෂයක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ඉන්දීය ජාතික ගුවන් මගියෙකු අද (05) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

දසත ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ මොහු ඉන්දියාවේ බැංගලෝර් නුවර රැකියාවක නිරත 34 හැවිරිදි පුද්ගලයෙක් බවයි.

අද අලුයම 01.00ට තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි ගුවන් සේවයේ ටී.ජී.- 307 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත සැකකරු පැමිණ තිබුණා.

ඔහු විසින් රැගෙන ආ ගමන් මළු තුළ ආහාර අඩංගු පැකට් රඳවනයන් මත, මෙම කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 05යි ග්‍රෑම් 200 ක් සඟවා ගෙන සිටියදී, රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලද බවයි හෙළි ව ඇත්තේ.

සැකකරු මේ වනවිට මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සඳහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?