විධිමත් කාර්යය පටිපාටිය අනුගමනය කරමින්, විශේෂඥ කමිටුවක් විසින් සකස් කරනු ලැබූ 1972 අංක 7 දරන ගෙවල් කුලී පනත ඉවත් කිරීම සඳහා වූ පනත් කෙටුම්පත සහ පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත 2025 වසරේ සැප්තැම්බර් මස වෙනි 18 වන දින ගැසට් පත්‍රයේ පළ කරනු ලැබුවා.
ඉන් පසු එම පනත් කෙටුම්පත් දෙක පසුගිය නොවැම්බර් 04 දින සිටපසුගිය ජනවාරි 15 වන දින දක්වා කාලය තුළ මහජන අදහස්, නිර්දේශ, යෝජනා සඳහා අමාත්‍යාංශ නිල වෙබ් අඩවියේ හා පුවත්පත්වල කළා.
මීට අමතරව ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙත ද පසුගිය ඔක්තෝම්බර් 27 වැනිදා දිනැති ලිපිය මඟින්2025.10.27 දිනැති ලිපිය මඟින් අදහස්, නිර්දේශ සහ යෝජනා ඇත්නම් දන්වා එවන ලෙස වෙනම ලිඛිත ලිපියක් මඟින් දන්වා යවනු ලැබුවා.
මහජන අදහස් විමසීම සඳහා වෙන් කර තිබු කාලය තුළදී මෙම පනත පිළිබඳව ලිඛිත අදහස් දැක්වීම් 02ක් පමණක් ලැබී ඇති බවයි වාර්තා වන්නේ.
මේ හැර 2026.01.29 දිනැතිව එවන ලද ලිපියක් මඟින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය මේ සම්බන්ධව කරුණු දැක්වීම සඳහා අවශ්‍ය බවට අමාත්‍යාංශය දැනුවත් කර තිබුණා.
තවද සංවිධාන ගණනාවක්ද මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමට කාලය තවදුරටත් අවශ්‍ය බව දන්වා ඇති බවයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.
ඒ අනුව එම ඉල්ලීම් සියල්ල සලකා බැලීමෙන් අනතුරුව, මෙම පනත් කෙටුම්පත් පිළිබඳව තවදුරටත් මහජන අදහස් වීම සීම සඳහා කාලය අද (03) දින සිට මාසයක කාලයක් සඳහා දීර්ඝ කිරීමට තීරණය තිබෙනවා.
එම අදහස් ලිඛිතව ලැබීමෙන් පසු එකී නිර්දේශ, අදහස් සහ යෝජනා සලකා බැලීම සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (නීති) ගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් මඟින් කටයුතු කරනු ලබන හෙයින් අදහස් දැක්වීමට අපේක්ෂිත පාර්ශව සිය අදහස් ලිඛිතව අමාත්‍යාංශය වෙත කඩිනමින් යොමු කරන ලෙස අමාත්‍යාංශය ඉල්ලා සිටිනවා.













