පනත් කෙටුම්පතක් ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කථානායකට

රජයේ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ තිබෙන අධිකරණයකට, විනිශ්චය සභාවකට හෝ ආයතනයට අපහාස කිරීම පිළිබඳ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ විභාගයක් පැවැත්වූ ශ්‍රේෂ්ඨාධිකරණය එහි රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත යොමු කරන බව නිවේදනය කළා.

අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන , කොළඹ නීතිඥ සංගමය, ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශව පහක් විසින් පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

එම පෙත්සම් මුර්දු ප්‍රනාන්දු, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පූලි යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ඊයේ දිනයේත් අද දිනයේ විභාගයට ගැනුණා.

අද දින පෙත්සම්කාර පාර්ශවය හා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා විසින් කරුණු ඉදිරිපත් කිරීම අවසන් කළා.

ඉන් අනතුරුව අදාළ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත යොමු කරන බවත් විනිසුරු මඩුල්ල නිවේදනය කරනු ලැබුවා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන අදාළ පනත් කෙටුම්පත තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවයි.

එබැවින් එය සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් අනුමත වී ජනමත විචාරණයකින් ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්රුසම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14