පදික කාන්තාවක් යට කළ යතුරුපැදි අනතුර

ඊයේ (11) උදෑසන කාලයේ වවුනියාව පොලිස් වසමේ වෙලික්කුලම් – මාමඩුව මාර්ගයේ මාමඩුව හන්දිය ආසන්නයේ දී වෙල්ලිකුලම් දෙස සිට මාමඩුව දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගය හරහා ගමන් කළ පදික කාන්තාවකගේ ගැටී අනතුරක් සිදුවීමෙන් එම කාන්තාව ජීවිතක්ෂයට පත් වුණා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ අනතුරින් බරපතළ තුවාල ලැබූ පදික කාන්තාව වවුනියාව රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත් ව ඇති බවයි.

මරණකාරිය වයස අවුරුදු 63 ක් වූ නෙඩුම්කුලම් ප්‍රදේශයේ පදිංචිකාරිණියක්.

මෘත ශරීරය වවුනියාව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් යතුරුපැදිකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?