පතලක් තුළ පස් කන්දකට යටවී එක් අයෙකුට දිවි අහිමි වෙයි

අද (15) දින අළුයම් කාලයේ පස්සර, ආගරතැන්න ප්‍රදේශයේ පතලක පස් කන්දක් කඩා වැටී පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බව පස්සර පොලිසිය පවසනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පස්සර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35 ක් වූ පුද්ගලයෙක්.

රැකියාව ලෙස පතල් කැණීම් කටයුතුවල යෙදී සිටින අතරතුර මෙලෙස පස් කන්දක් කඩා වැටී මෙම අනතුර සිදුව ඇති බව දැනට අනාවරණය වී ඇති අතර පස්සර පොලිස් ස්ථානය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !