AFC Banner
Empty Ad
Empty Ad

නොසිතූ මොහොතක මාස 04ක බිළිඳියක් අවසන් ගමන් ගිහින්

හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා කුලියපිටිය මහ රෝහලට ඇතුළත් කර ඇති මාස 04ක කුඩා බිළිඳිය මිය ගොස් ඇති බව වාර්තා වනවා.

මෙලෙස අවාසනවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කුලියාපිටිය, ගොමුගොමුව ප්‍රදේශයේ පදිංචිව සිටි නිම්නදී සේනානායක නැමැති බිළිඳියක්.

මෙම බිළිඳිය ඊයේ (16) සෙම් රෝගී තත්ත්වයක් හේතුවෙන් අසාධ්‍යව කුලියාපිටිය මහ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

ඒ, වන විටත් බිළිඳිය අවාසනාවන්ත ලෙස මියගොස් සිට ඇති බවයි ඇයව පරීක්ෂා කළ වෛද්‍යවරුන් පවසා ඇත්තේ.

මෙම බිළිඳියට පසුගිය 15 වනදා හෙට්ටිපොළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් දරුවන්ට මාස 04 කදී ලබාදෙන එන්නත ලබාදුන් බව ඇයගේ මව්පියන් රෝහලේ වෛද්‍යවරුන් හමුවේ පවසා තිබෙනවා.

බිළිඳියගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
33
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?