කිලිනොච්චිය කනකාම්පිකෙයිකුලම් ප්‍රදේශයේ ඉඩමක වලදමා තිබූ කොටි ත්‍රස්තයින්ගේ බෝම්බ ඇතුලු ආයුධ තොගයක් ඊයේ (20) දින සොයාගත් බවට කිලිනොච්චිය පොලීසිය පවසයි.
කනකාම්පිකෙයිකුලම් ප්‍රදේශයේ පදිංචි අදාල ඉඩම් හිමියා විසින් සිය ඉඩම එලිපෙහෙලි කරමින් සිටියදී වලදමා තිබූ අදාල බෝම්බ තොගය මතුවීමෙන් පසුව ඒ පිළිබඳව කිලිනොච්චිය පොලීසියට දැනුම් දෙනු ලැබීය.
අනතුරුව කිලිනොච්චිය පොලීසිය විසින් ඒ පිළිබඳව කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකායට දැනුම් දීමෙන් අනතුරුව එහි නිලධාරීන් පිරිසක් අදාල ස්ථානයට පැමිණ වලදමා තිබූ බෝම්බ තොගය ගොඩගනු ලැබීය.
එහිදී වලදමා තිබූ කොටි මිලිමීටර් 81 වර්ගයේ මෝටාර් උණ්ඩ 03 ක් ටී.56 මැගසින් 03 ක් සහ කඳුලු ගෑස් බෝම්බ 02 ක් මෙලෙස සොයාගනු ලැබීය.
යුද සමයේදී කොටි සංවිධානය විසින් මෙම බෝම්බ තොගය වලමන්නට ඇති බවට සැකපල කරන අතර සොයාගත් බෝම්බ තොගය කිලිනොච්චිය අධිකරණයට දැනුම් දී අධිකරණ නියෝගයකට අනුව පොලිස් විශේෂකාර්ය බලකාය විසින් විනාශ කිරීමට නියමිත බවටද පරික්ෂණ සිදුකරන කිලිනොච්චිය පොලීසිය වැඩිදුරටත් පැවසීය.




