නොවැම්බරයේ යළි ඉන්ධන මිලේ වෙනසක් නෑ

ඉන්ධන මිල නොවැම්බර් මස තුළ නැවත සංශෝධනය කිරීමට අපේක්‍ෂා නොකරන බව ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළා.

ඒ, ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ දැමීමට ගත් තීරණයෙන් පසුවයි.

ඛනිජ තෙල් සංස්ථාව විසින් නිකුත් කරනු ලබන සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15.00කින් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 25.00කින් ඉහළ දැමීමටයි කටයුතු කළේ.

ඒ, අනුව සුදු ඩීසල් ලීටරයක වත්මන් මිල රුපියල් 430.00ක් ලෙස දැක්වෙන අතර භූමිතෙල් ලීටරයක නව මිල දැක්වෙන්නේ රුපියල් 365.00ක් ලෙසයි.

මේ අතර ලංකා ඛනිජ තෙල් සංස්ථාව මිල වැඩි කිරීමට ගත් තීරණයත් සමඟ ලංකා අයි.ඕ.සී. සමාගම ද තමන් විසින් වෙළඳපොළට නිකුත් කරුණු ලබන ඩීසල් සහ භූමිතෙල් මිල ද එම අගයෙන්ම ඉහළ දැමීමට තීරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?