නොච්චියාගම කුඹුරක වළකින් මෘත දේහයක් ගොඩගනී

නොච්චියාගම පොලිස් වසමේ පන්වැව ප්‍රදේශයේ කුඹුරක ඇති වළක් තුළ පුද්ගලයෙකුගේ මළ සිරුරක් තිබී ඊයේ (02) සොයාගෙන තිබෙනවා.

පොලිසිය විසින් මෙලෙස සොයාගෙන ඇත්තේ නොච්චියාගම, මොරගහවැව ප්‍රදේශයේ පදිංචිව සිටි 35 හැවිරිදි වියේ පසු වූ අයෙකුගේ මළ සිරුරක්.

මෙලෙස මියගොස් ඇති පුද්ගලයා පසුගිය පළමුවනදා සවස් කාලයේ කුඹුරේ පැලට යන බව පවසා නිවසින් පිටව ගොස් ඇති බවත්, යළි ඔහු නිවසට නොපැමිණීම හේතුවෙන් ඔහුගේ බිරිඳ ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ද සිදුකර තිබෙනවා.

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අනුරාධපුර රෝහලේ තැන්පත්කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
4
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?