නේපාලයේ හිම කඳු කඩා වැටීමකින් කඳු නගින්නන් 07ක් ජීවිතක්ෂයට

නේපාලයේ හිම කඳු කඩා වැටීමකින් කඳු නගින්නන් හත්දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වනවා.

විදෙස් කඳු නගින්නන් පස්දෙනෙක් සහ නේපාල මාර්ගෝපදේශකයින් දෙදෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මියගිය විදේශීය කඳු නගින්නන්ගේ අනන්‍යතාවයන් තවමත් තහවුරු කර නොමැති බවයි නේපාල බලධාරීන් පැවසුවේ.

15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් යාලුන්ග් රී කඳු මුදුන තරණය කිරීමට යන අතරතුරමෙම ඛේදවාචකයට මුහුණ දී ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මේ අතර සන්නද්ධ පොලිස් බලකායේ ප්‍රකාශක ශයිලේන්ද්‍ර තාපා පැවසුවේ මීටර් 4,900 (අඩි 16,070) ක උසකින් පිහිටි මූලික කඳවුරේ තවත් පස්දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

ගලවා ගැනීමේ හෙලිකොප්ටරයක් ​​එම ස්ථානයට ළඟා වීමට උත්සාහ කළ නමුත් අයහපත් කාලගුණය හේතුවෙන් එය ආපසු හැරවීමට සිදුව ඇති බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් අද (04) දිනයේ ගලවා ගැනීමේ හෙලිකොප්ටරයක් යොදවා එම මෙහෙයුම් සිදුකරන බව බලධාරීන් පවසනවා.

පසුගිය සතියේ සිට නේපාලයේ කාලගුණය අයහපත් අතට හැරෙමින් පවතින අතර කඳුකරයේ හිම කුණාටු වාර්තාවන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?