නේපාලයේ හිම කඳු කඩා වැටීමකින් කඳු නගින්නන් 07ක් ජීවිතක්ෂයට

නේපාලයේ හිම කඳු කඩා වැටීමකින් කඳු නගින්නන් හත්දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වනවා.

විදෙස් කඳු නගින්නන් පස්දෙනෙක් සහ නේපාල මාර්ගෝපදේශකයින් දෙදෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මියගිය විදේශීය කඳු නගින්නන්ගේ අනන්‍යතාවයන් තවමත් තහවුරු කර නොමැති බවයි නේපාල බලධාරීන් පැවසුවේ.

15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් යාලුන්ග් රී කඳු මුදුන තරණය කිරීමට යන අතරතුරමෙම ඛේදවාචකයට මුහුණ දී ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මේ අතර සන්නද්ධ පොලිස් බලකායේ ප්‍රකාශක ශයිලේන්ද්‍ර තාපා පැවසුවේ මීටර් 4,900 (අඩි 16,070) ක උසකින් පිහිටි මූලික කඳවුරේ තවත් පස්දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

ගලවා ගැනීමේ හෙලිකොප්ටරයක් ​​එම ස්ථානයට ළඟා වීමට උත්සාහ කළ නමුත් අයහපත් කාලගුණය හේතුවෙන් එය ආපසු හැරවීමට සිදුව ඇති බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් අද (04) දිනයේ ගලවා ගැනීමේ හෙලිකොප්ටරයක් යොදවා එම මෙහෙයුම් සිදුකරන බව බලධාරීන් පවසනවා.

පසුගිය සතියේ සිට නේපාලයේ කාලගුණය අයහපත් අතට හැරෙමින් පවතින අතර කඳුකරයේ හිම කුණාටු වාර්තාවන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25
Video thumbnail
වී ලොරිය පසුපස හඹා ආ වන අලියා - අලියට බයේ රිවස් එකට ගිය වාහන
00:51
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21