නේපාලයේ නව ජීවමාන කන්‍යා දේවතාවිය තෝරාගනී

නේපාලයේ අවුරුදු දෙකක ගැහැණු ළමයෙකු එරට නව ජීවමාන කන්‍යා දේවතාවිය ලෙස තෝරාගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පසුගිය සැප්තැම්බර් 30 වන අඟහරුවාදා කත්මණ්ඩු අගනුවරදී ‘ආර්යතාරා ශාක්‍යා’ නැමැති කුඩා දැරිය නව කුමාරි නොහොත් “ජීවමාන කන්‍යා දේවතාවිය” ලෙස තෝරාගෙන ඇති බවයි.

මීට පෙර නේපාලයේ ජීවමාන කන්‍යා දේවතාවිය ලෙස නම් කර සිටි ගැහැණු දරුවා වැඩිවියට පැමිණීමත් සමඟ නව කුමාරියක් තෝරා පත්කර ගැනීම මෙලෙස සිදුකර තිබෙනවා.

අවුරුදු දෙකත් හතරත් අතර වයස් කාණ්ඩයේ, ලප කැළල් රහිත පැහැපත් සමක් ඇති, අඳුරට බිය නොවන දැරියක් මෙලෙස නේපාලයේ ජීවමාන කන්‍යා දේවතාවිය ලෙස තෝරාගනු ලබනවා.

දැරියගේ පියා සහ පවුලේ සාමාජිකයන් විසින් ඇයව ඔවුන්ගේ නිවසේ සිට කුමාරි ඝාර් නම් දේවාල මාලිගාවට පෙරහැරකින් රැගෙන ආ අතර, එතැන් සිට ඇය වැඩිවියට පත්වන තෙක් නේපාලයේ ජීවමාන කන්‍යා දේවතාවිය ලෙස එහි රැඳී සිටිනවා.

හින්දු සම්ප්‍රදායේ ගෞරවයේ සලකුණක් වන කන්‍යා දේවතාවියගේ පාදවලට නළල ස්පර්ශ කිරීමට ආධාරකරුවන් පෙළ ගැසී සිටින අතර ඇයට එහිදී මුදල් සහ මල් පූජා කිරීම සිදුවෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
16
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යුද්දේ නිසාද ලංකාවේ තෙල් අවුල ඇතිවුණේ ?මෙන්න මෙහෙමයි තෙල් අර්බුදය ඇතිවුණේ
Video thumbnail
බිමල් දැන් හිනාවෙන්නේ නෑනේ - ආයේ හිනාව ගන්න ඕනේ
05:30
Video thumbnail
චෙම්මනි සමූහ මි#ණී වළ ගැන බිමල්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..අප්‍රේල් 20 සිට නැවත කැණීම් ආරම්භ කරනවා
05:28
Video thumbnail
ඉන්ධන අර්බුධයක් ඇතිකළේ විපක්ෂය
03:34
Video thumbnail
බලශක්ති ඇමතිගෙන් විපක්ෂයට ආරාධනාවක්
13:05
Video thumbnail
කාත්තන්කුඩියේ යාචක කණ්ඩායම් නොසන්සුන්වෙයි
00:49
Video thumbnail
Selfie ගන්න ගිය සිසුවියක් ලෝකාන්තයේ ප්‍රපාතයකට වැ#යි
01:30
Video thumbnail
ඉන්ධන ප්‍රශ්නයෙන් රෝහලුත් වැසෙයිද ?..ඉදිරි පැය 48ක කාලය ඉතාම තීරණාත්මකයි
09:31
Video thumbnail
අපිට දොස් කියලා වැඩක් නෑ - රට භාරගත්තා නම් වැඩ කරන්න
02:23
Video thumbnail
වේදනයි වේදනයි ඇත්ත කියනකොට - සමන්ත විපක්ෂයට කටඋත්තර නැතිවෙන්නම දෙයි
04:02